Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඩීඩැට්-සහිරා සත් සාමාජික පාපන්දු තරග 1 දා

ඩීඩැට්-සහිරා සත් සාමාජික පාපන්දු තරග 1 දා

editorial - 2022 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සහිරා විදුහල් ආදි ශිෂ්‍ය සංගමය ‘ඩීඩැට්’ වෙළෙඳ සන්නාමයේ ප්‍රධාන අනුගහයෙන් සංවිධානය කරන ‘ඩීඩැට්-සහිරා සුපිරි 16’ සත් සාමාජික අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලිය  ඔක්තෝබර් මස 1 වැනිදා දවස පුරා කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ඒ සඳහා කොළඹ හා අවට පාසල් 16ක පාපන්දු කණ්ඩායම් ආරාධනා ලබා සිටිති.

බස්නාහිර පළාතේ පාසල්වලට පමණක් මෙවර තරගාවලිය සීමා කිරීමට සිදු වූ බව තරග සංවිධායකයෝ පවසති.

අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අනුමැතියෙන් හා ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සහයෝගයෙන් මෙවරත් තරගාවලිය සංවිධානය වන්නේ 16 වැනි වතාවටත්ය.
පසුගිය වසරේ ශූරතාව දිනූ කොළඹ ශාන්ත ජෝශප් විදුහල හා අනුශූරතාව ලද ගෙට්වේ ජාත්‍යන්තර පාසල ඇතුළුව අල්ගීත්මා විදුහල, ඇලිතියා ජාත්‍යන්තර පාසල, දරුස්සලාම් විදුහල, කඳාන මැසනද් විදුහල, කොළඹ ඩී.එස්. සේනානායක විදුහල, කොළඹ හින්දු විදුහල, කොළඹ ඉසිපතන විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, කොළඹ රාජකීය විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල, බොරැල්ල වෙස්ලි විදුහල හා සත්කාරක කොළඹ සහිරා විදුහල මෙවර සහිරා සුපිරි-16 සත් සාමාජික පාපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වෙති.

තරගාවලිය සඳහා ට්‍රෙයිෆාකෙට්, කළමනාකරණ ගණකාධිවරුන්ගේ වරලත් ආයතනය (සීමා), අල්ෆලන් එල්ඕඑල්සී, ද ෆෆරෙකොට්, ඉක්රම් ස්ටුඩියෝ, රෝයල් බිරියානි හා බාබකිවු, ඇක්වා ෆ්‍රෙෂ් නැචුරල් වෝටර් යන ආයතන මෙහි සහාය අනුග්‍රාහකයෝ වෙති.
හවුල් අනුග්‍රාහකයන් ලෙස ඒ බ්‍රෑන්ඩ් වුඩ්න් ෆ්ලෝරින්ග් සමාගම, ලිවන් ඉන්ටීරියල්, ඊඑම්එල්, ස්මාර්ට්බිස් කොන්සෝටියම්, ස්පෝට්ස් වර්ල්ඩ්, ෆොෆෝ ටෙක්නොලොජීස්, බීඑම්එස් මෑන්පවර් යන ආයතන කටයුතු කරති.

මෙම තරගාවලිය පාසල් සිසුන්ට හා නරඹන්නන්ට විවෘතව පවතින බව තරග සංවිධායකයෝ පවසති. කොළඹ විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ www.ppzahira.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ දුරකතන අංක 0770- 782783 ඔස්සේ මාධ්‍ය සම්බන්ධිකාරක මුස්නි මුනාස් මහතා ඇමතීමෙන් තරගාවලිය පිළිබඳව වැඩි තොරතුරු ලබාගත හැකිය.

අවසන් මහා තරගය ඔක්තෝබර් 1 වැනිදා පස්වරු 4.30ට පැවැත්වේ.


අදහස් (0)

ඩීඩැට්-සහිරා සත් සාමාජික පාපන්දු තරග 1 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.