Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඩයලොග් ශූරයන්ගේ පාපන්දු අ. අ. පූ. වටය

ඩයලොග් ශූරයන්ගේ පාපන්දු අ. අ. පූ. වටය

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු ලීග් ශුරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරග හෙට සිට ආරම්භ වේ. එහි පළමු වැනි අර්ධ අවසන් පූර්ව තරග දෙකම හෙට (30 වැනිදා) සහ අනිද්දා (1 වැනිදා) කළුතර වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. තරග දෙකම පස්වරු 3.30 ට ආරම්භ වේ.

මෙම තරග හෙට සිට එක දිගට දින හතරක් කොළඹ නාගරික පාපන්දු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබුණද අවසන් මොහොතේදී එම තීරණය වෙනස් කරමින් පළමු අර්ධ අවසන් තරග දෙකම කළුතරට ගෙන ගොස් තිබේ. තුන්වැනි සහ සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරග ලබන සති අන්තයේදී පැවැත්වීමට නියමිත බව ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කරයි.

රත්නම් කී‍්‍රඩා සමාජය, අනුරාධපුර සොලිඞ් කී‍්‍රඩා සමාජය, බ්ලූ ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය, රිනවුන් කී‍්‍රඩා සමාජය, කොළඹ පාපන්දු සමාජය, දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජය, ශ්‍රී ලංකා ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය සහ යුද හමුදා කී‍්‍රඩා සමාජය අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.

තරග කාල සටහන
නොවැම්බර් 30 -  රත්නම් කී‍්‍රඩා සමාජය සහ සොලිඞ් පිල අතර
දෙසැම්බර් 01 - ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය සහ යුද හමුදා කී‍්‍රඩා සමාජය අතර

004


අදහස් (0)

ඩයලොග් ශූරයන්ගේ පාපන්දු අ. අ. පූ. වටය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.