Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජර්මනිය 4-2 කින් පෘතුගාලය පරදවයි

ජර්මනිය 4-2 කින් පෘතුගාලය පරදවයි

editorial - 2021 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ ‘එෆ්” කාණ්ඩය යටතේ සෙනසුරාදා පැවැති මූලික වටයේ තරගයකදී ඉතා තියුණු සටනකින් අනතුරුව ගෝල 4-2 ක් ලෙස ‍පෘතුගාලය පරාජය කිරීමට ජර්මනිය සමත් විය. මෙම ජයග්‍රහණයත් පෘතුගාලය පසුපසට ඇද දමමින් ‘එෆ්’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමටද ජර්මනියට හැකිවිය.

එදා මෙදා තුර යූරෝ පාපන්දු තරගවලි ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා බවට පත්ව සිටින පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මෙම තරගයේත් ගෝලයක් ලබාගනිමින්, තවත් ගෝලයක් සඳහා සහාය දැක්වූ නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

 තරගයේ 15 වැනි විනාඩියේදී පළමු ගෝලය ලබාගත් රොනාල්ඩෝ පෘතුගාලයට සාර්ථක ආරම්භයක් ලබාදුන්නද, 35 වැනි සහ 39 වැනි විනාඩිවලදී ගෝල ලබාගත් රුබේන් ඩයස් සහ රෆායල් ගුරේරෝ පළමු අර්ධය නිමාවන විට ගෝල 2-1 ක් ලෙස ජර්මනියට පෙරමුණ ගෙන ගියහ.

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් පසුව රොබින් ගොසෙන්ස්ගේ සහයෝගයෙන් කායි හැවර්ට්ස් 51 වැනි විනාඩියේදීද, ජෝෂුවා කිමිච්ගේ සහයෝගයෙන් පසුව රොබින් ගොසෙන්ස් 60 වැනි විනාඩියේදීද ගෝල 2 ක් ලබාගනිමින් ගෝල 4-1 ක් ලෙස ජර්මනිය තවත් ඉදිරියට ගෙන ගියහ.  තරගයේ 67 වැනි විනාඩියේදී රොනාල්ඩෝගේ සහයෝගය ඇතිව ගෝලයක් ලබාගැනීමට ඩියෝගෝ ජෝටා සමත් වුවද, එය පෘතුගාලය පරායෙන් මුදවාගැනීම සඳහා ප්‍රමාණවත් නොවීය. ඒ අනුව නියමිත කාලය අවසානයේ ගෝල 4-2 ක් ලෙස තරගයේ ජය ජර්මනියට හිමිවිය.

‘එෆ්‘ කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් දෙක කවුදැයි යන්න තවමත් තීරණය වී ‍නොමැති අතර මේ මස 23 වැනිදා පැවැත්වෙන මූලික වටයේ අවසන් තරග දෙකෙහි ප්‍රතිඵල අනුව එය තීරණය වනු ඇත. එදින පෘතුගාලයට එරෙහිව ප්‍රංශයද, ජර්මනියට එරෙහිව හංගේරියාවද තරග බිමට පිවිසීමට නියමිතය.

 

 

 


 

-036 


අදහස් (0)

ජර්මනිය 4-2 කින් පෘතුගාලය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.