Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති රන් කුසලාන ‘ඩයලොග්’ වොලිබෝල් තරග මාලාවේ අවසන් මහ තරග ලබන දෙසැම්බර් 7 වැනිදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. අවසන් මහ තරග හුංගම විජයබා මහ විදුහලේ අලූතින් ඉදි කෙරෙන ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට කලින් තීරණය කර තිබුණි.
පිරිමි අවසන් මහ තරගය බොරලැස්ගමුව බලරැුස් පිල සහ නාත්තන්ඩිය යුනයිටඞ් පිල අතර ද, කාන්තා අවසන් මහ තරගය නාත්තන්ඩිය යුනයිටඞ් පිල සහ සියඹලාගොඩ කපිල පිල අතර ද, පැවැත්වේ.
එහෙත් එම ඉදිකිරීම් මෙතෙක් අවසන්වී නොමැති බැවින් ප‍්‍රමාදය තව දුරටත් වළක්වා ගැනීම සඳහා අවසන් මහ තරග කොළදී පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති මහින්ද සෙනරත් බණ්ඩාර මහතා පැවසීය.
තරගාවලියේ අවසන් පූර්ව තරග පසුගිය මැයි මස 11 සහ 12 දෙදින හෙයියන්තුඩුවේදී පැවැත්විණි. දිවයිනේ ප‍්‍රබලතම කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් 49 ක් මූලික වටයට සහභාගි වූහ.
පිරිමි
පළමු අවසන් පූර්ව තරගය
බොරලැස්ගමුව බලරැස් පිල විසින් දෙබෑගම රන්තරු පිල පරාජය කරන ලදී (25/22, 25/19, 23/25, 26/24)
දෙවැනි අවසන් පූර්ව තරගය
නාත්තන්ඩිය යුනයිටඞ් පිල විසින් ගම්පහ සියනෑ තරු පිල පරාජය කරන ලදී (21/25, 25/20, 25/27, 25/17, 15/13)
තෙවැනි ස්ථානය සියනෑ තරු පිලට
කාන්තා
පළමු අවසන් පූර්ව තරගය
නාත්තන්ඩිය යුනයිටඞ් පිල විසින් රදාවාන ගෝල්ඩන් බර්ඞ්ස් පිල පරාජය කරන ලදී (19/25, 25/6, 25/8, 21/25, 15/8)
දෙවැනි අවසන් පූර්ව තරගය
සියඹලාගොඩ කපිල පිල විසින් මාවතගම කැෂුවලයින් පිල පරාජය කරන ලදී (10/25, 20/25, 25/18, 25/18, 15/0)
තෙවැනි ස්ථානය ගෝල්ඩන් බර්ඞ්ස් පිලට
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.