Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කලකට පසුව තායිලන්තය මුණගැසෙයි

කලකට පසුව තායිලන්තය මුණගැසෙයි

editorial - 2022 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කසකස්තානයේ සත්කාරයෙන් ‘නමන්ගාන්’ නුවරදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන (2023) පාපන්දු සුදුසුකම් (අවසන්) වටයේ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තරගය අද (11) පස්වරු 5ට ආරම්භ වේ.

මෙම තරගයට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ බ්‍රහස්පතින්දා (8) පැවති උස්බෙකිස්තානයට එරෙහි තරගයෙන් ගෝල 3-0ක් ලෙස පරාජයට පත්ව  සිටියදීය.

ශ්‍රී ලංකාව අද මුණගැසෙන්නේද කලාපයේ ප්‍රබලතම කණ්ඩායමකි. තායිලන්තය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 111 වැනි ස්ථානයේ රැඳෙමින් මෙම තරගයට සහභාගි වෙයි. ශ්‍රී ලංකාව එම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව දැන් පසුවන්නේ 205 වැනි ස්ථානයේය.

අද ශ්‍රී ලංකාවට ‘ටර්කාසි’ ක්‍රීඩාංගණයේදී මුණගැසෙන තායිලන්තය මෙම වසරේදී මෙතෙක් මුහුණ දුන් ජාත්‍යන්තර තරග 6 කදී එක් පරාජයක් පමණක් ලබා සිටින අතර ජයග්‍රහණ හතරක් හා එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර තිබේ.

‘බහරේන්’ කණ්ඩායම සමග පසුගිය මැයි 31 වැනිදා පැවැති සුහද තරගයකදී තායිලන්තය ගෝල 2-1කට පරාජය වී තිබේ. අවසන් වරට ඔවුන් ලබාගත් ජාත්‍යන්තර පාපන්දු තරග ජයග්‍රණය පසුගිය බ්‍රහස්පතින්දා (8) මෙම තරග වටයේදී මාලදිවයිනට එරෙහිව (3-0) වාර්තා කළේය.

අවසන් වරට ශ්‍රී ලංකාවට තායිලන්තය ජාත්‍යන්තර පාපන්දු තරගයකදී මුණගැසී ඇත්තේ වසර 2001 දීය. එහිදී ලෝක කුසලාන (2002) තරගාවලියේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ තරග වටයේ තරග දෙකකදී තායිලන්තය විසින් ශ්‍රී ලංකාව ගෝල 4-2කට ගෝල 3-0කට පරාජය කර තිබේ.

මෙම දෙරට මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ මුණගැසුණු තරග අවස්ථා ගණන හයකට සීමාවී තිබෙන අතර එම සියළුම තරගවලදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට තායිලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ.

අද තරගයේදීත් ප්‍රබල ප්‍රතිවාදියෙකු හමුවේ ශ්‍රී ලංකාවේ උත්සාහය වනු ඇත්තේ හැකිතාක් ආරක්ෂාකාරී තරග රටාවකට යොමු වෙමින් ප්‍රතිවාදීන්ගේ ගෝල රැස් කිරීම් වළක්වා ගැනීමය.


අදහස් (0)

කලකට පසුව තායිලන්තය මුණගැසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.