ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේදී ග්‍රීන් ෆීල්ඞ් ක්‍රීඩා සමාජයට එරෙහිව සිටි පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-0 ක් ලෙස ජය ගැනීමට ඕල්ඞ් බෙන්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
ග්‍රීන් ෆීල්ඞ් ක්‍රීඩා සමාජයේ එම්.වී.සී. මධුරංග 87 වැනි මිනිත්තුවේදී තම දැල වෙතටම පන්දුව යොමු කිරීම නිසා ඕල්ඞ් බෙන්ස් ක්‍රීඩා සමාජයට හිමි වූ ඕන් ගෝලය තරගයේ ජයග්‍රාහී ගෝලය බවට පත් විය.
මෙම තරගයේදී ඕල්ඞ් බෙන්ස් ක්‍රීඩා සමාජයේ අභිෂේක් ප්‍රනාන්දු සහ ග්‍රීන් ෆීල්ඞ් ක්‍රීඩා සමාජයේ එම්.එෆ්.එම්. අහමඞ් කහ කාඞ්පත් ලැබූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.