Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
ලංකා පළාත් ලීග් තරගාවලිය

ඌවට පළමු ජය

editorial - 2022 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ලංකා පළාත් පාපන්දු ලීග් තරගාවලියේ පළමු  ජය ඌව කණ්ඩායමට හිමිවිය. ඒ කුරුණෑගල මාළිගාපිටියේදී පැවැති තරගයකදී රජරට පිල ගෝල 1-0කට පරාජය කරමිනි. ෆිරාස් සහිර් තරගයේ 10 වැනි විනාඩියේදී නිදහස් පහරක් ප්‍රයෝජනයට ගනිමින් රැස් කළ එම ගෝලය  තරගාවලියේ ක්‍රීඩකයෙකු ලබාගත් පළමු ගෝලයයි.

මෙම තරගයේ විශේෂත්වය වූයේ එය තරගාවලියේ නිල සමාරම්භක තරගය ලෙස ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමයි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය අලුතින් හඳුන්වා දුන් මෙම තරගාවලියේ සමාරම්භක තරගය නැරඹීමට කුරුණෑගල මාළිගාපිටියට අතිවිශාල ජනතාවක් රැස්ව සිටීම කැපී පෙනුණි.
මෙහිදී පරාජයට පත්වූ රජරට කණ්ඩායම තරගාවලියට සහභාගි වී සිටින සෙසු පළාත් කණ්ඩායම් අතරින් විශේෂත්වයක් ගන්නේ එය උතුරු මැද හා වයඹ යන දෙපළාතම එක් කරමින් සූදානම් කළ කණ්ඩායමක් වීමය.

ලංකා පළාත් පාපන්දු ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයට සමගාමීව නවීකරණය කළ මාළිගාපිටිය ක්‍රීඩාංගණය විවෘත කිරීම කුරුණෑගල පුරපති තුෂාර මහතා අතින් සිදු කෙරුණි.
එය රාත්‍රි කාලයේද ජාත්‍යන්තර පාපන්දු තරග හා ජාත්‍යන්තර  රග්බි තරග පැවැත්විය හැකි ආකාරයෙන් අධි බල විදුලි ආලෝක ධාරා පද්ධතියකින්ද සමන්විතව නවීකරණය කර තිබේ. ක්‍රීඩාංගනයේ නව ඉදිකිරීම් සඳහා වත්මන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මූලිකව මැදිහත් වී තිබේ. ඒ සඳහා රුපියල් කෝටි 10කට ආසන්න  මුදලක් වැය කිරීමේදී කුරුණෑගල මහනගර සභාවේ අරමුදල්ද යොදා ගෙන තිබේ.


ලංකා පළාත් පාපන්දු  තරගාවලියේ මූලිකවටයේ තවත් තරග හතරක්  අද සහ හෙට (29-30) යාපනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ලංකා පළාත් පාපන්දු තරගාවලියේ මෙතෙක් පැවති තරග ප්‍රතිඵල.
♦ නැගෙනහිර පිල හා මධ්‍යම පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
♦ ඌව පිල විසින් රජරට පිල පරාජය කරන ලදී (1-0)
♦ උතුරු පිල හා සබරගමුව පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
♦ දකුණ පිල හා බස්නාහිර පිල අතර තරගය සමයි (1-1)
අද සහ හෙට (29-30) පැවැත්වීමට නියමිත තරග අද

ජනවාරි (29)
♦ බස්නාහිර හා මධ්‍යම අතර පස්වරු 3.30ට යාපනය දොරේඅප්පා පිටියේදී.
♦ සබරගමුව හා දකුණ අතර පස්වරු 3.30ට යාපනය  අරියාලෙයි පිටියේදී.

ජනවාරි (30)
♦ නැගෙනහිර හා රජරට අතර පස්වරු 3.30ට යාපනය අරියාලෙයි පිටියේදී.
♦ උතුර හා ඌව අතර පස්වරු 3.30ට යාපනය දොරේඅප්පා පිටියේදී


අදහස් (0)

ඌවට පළමු ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.