Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඉතාලිය 16 දෙනාගේ වටයට පැනගනී

ඉතාලිය 16 දෙනාගේ වටයට පැනගනී

editorial - 2021 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැනුවෙල් ලොකාටලි ලබාගත් ගෝල දෙකත් තරගයේ අවසානය ආසන්නයේදී සිරෝ ඉම්මොබයිල් ලබාගත් ගෝලයත් නිසා ස්විට්සර්ලන්තය ගෝල 3-0 කින් පරාජය කළ ඉතාලිය යුරෝ 2020 තරගාවලියේ අවසන් 16 දෙනා අතර ස්ථානයක් වෙන්කර ගත්තේය. 

රෝමයේදී පැවැති මෙම තරගයේ 26 වැනි විනාඩියේදීම ඉතාලිය ඉදිරියට ගෙන ගිය ලොකාටලි තරගයේ පළමු අර්ධය නිමා වන විටත් 1-0 ක් ලෙසින් ඉතාලිය ඉදිරියෙන් තබාගත්තේය. දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 7 ක් ඇවෑමෙන් සිය දෙවැනි ගෝලයත් ලබාගත් ලොකටලි ඉතාලි කණ්ඩායමට පහසු ගමනක් සඳහා මාවත විවර කර දුන්නේය. 

සිරෝ ඉමෝබයිල්ට පන්දුව ලැබුණ අවස්ථා කිහිපයකදීම එය ගෝලය තුළට යැවීමට අපොහොසත් වූ අතර වරක් ඔහු හිසින් ගැසූ පහරකින් පන්දුව දැළට උඩින් ගියේය. කෙසේ වෙතත් තරගය අවසන් වීමට විනාඩියක් තිබියදී රෆායෙල් ටොලෝරිගේ සහාය මනා ලෙස උපයෝගී කරගත් ඉමෝබයිල්, සිය දකුණු පාදයෙන් පන්දුව ගෝලය තුළට යැවීය. 

මේ වන විට තරග දෙකකදී ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිටින ඉතාලිය ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටී. 

“මේ තරග සේරම එකකට එකක් වෙනස්. සමහර තරග පහසුයි. සමහර තරග අපහසුයි. ඒ කෝක වුණත් ඒවා තියෙන්නේ දිනන්නයි” යයි ඉතාලි පාපන්දු කණ්ඩායමේ කළමණාකරු රොබර්තෝ මන්සිනි මහතා පවසයි. 

“ස්විට්සර්ලන්තය තරමක් ශක්තිමත්  කණ්ඩායමක් වුණත් අපට මීට ඉස්සරවෙලා මේ තරගයේ වාසිය අත්කරගන්න ලැබුණා නම් හොඳයි. ඒත් කමක් නෑ. අපි අවසානයේදී ලැබිය යුතු ජයග්‍රහණය ලබාගත්තානේ” යයි ද මන්සිනි මහතා පැවසීය. 

ලබන ඉරිදා වේල්සය හමුවේ තිබෙන තරගයෙන් පරාජය නොවී සිටියහොත් ඉතාලි කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙසින් 16 දෙනාගේ වටයට පිවිසෙනු ඇත. 

මේ අතර ඉතාලි පාපන්දු කණ්ඩායමේ කළමණාකරුවා වන රොබර්ස්තෝ මන්සිනි අගනා වාර්තාවකට ආසන්න වෙමින් සිටී. එනම් වසර 1935 ත් 1939 ත් අතර කලයේදී ඉතාලි පිලේ පුහුණු කරුවා වූ විටෝරියෝ පෝසෝ ගේ සමයේදී ඉතාලි කණ්ඩායම එක දිගට තරග 30 ක් අපරාජිතව සිටීමයි. ඒ වෙනුවෙන් මන්සීනිට අවශ්‍යව ඇත්තේ තවත් තරගයක් පරාජිතව සිටීම පමණි. 

 - 213


අදහස් (0)

ඉතාලිය 16 දෙනාගේ වටයට පැනගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.