Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අමීර් ඇලජික් ගොඩ

අමීර් ඇලජික් ගොඩ

editorial - 2021 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ ‘මාලේ’ නුවර සිට)

නේපාලය හමුවේ පරාජය වීම හේතුවෙන් දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට නොහැකි වන බව කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා දැනටමත් තහවුරැ කර තිබේ. එබැවින් ශ්‍රී ලංකා පුහුණුකරැ අමිර් ඇල්ජික් මහතාගේ ඉලක්කය මේ වන විටත් වැරදී ගොස් තිබේ.

වසර 2020 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සේවය බාර ගත් මෙම බොස්නියානු ජාතික පාපන්දු පුහුණුකරැවාට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ලබාදුන් ඉලක්කය වූයේ 13 වැනි සාෆ් පාපන්දු ශූරතා තරගාවලියේදී අවසන් මහ තරගයට හෝ ශ්‍රී ලංකාව කැඳවාගෙන ආ යුතු බවයි. එහෙත් වත්මන් තත්වය තුළ මෙම තරගාවලියෙන් පසුව ඔහුගේ සේවය අවසන් වූවද ඔහු තවත් කෙටි කලක් ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අමීර් ඇලජික් මහතාගේ සේවය පිළිබඳව ශ්‍රී ලංකාව පැහැදීමට පත්ව ඇත.

මේ අතර පෙරේදා නේපාලයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ගෝල 3-2 කට පරාජය වුණත් එම තරගයේදී ඉස්මතු වූ දේශීය ක්‍රීඩකයන්ගේ දස්කම් ප්‍රතිවාදී නේපාල පිලේ පුහුණුකරැ කුවේට් ජාතික අබ්දුල්ලා අලි මහතාගේ පැසසුමට ලක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් පසුව ක්‍රීඩාංගණයෙන් පිටව යාමේදී දෙපස රැස්ව සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබිණ. මාලදිවයිනේ කොවිඩ් වසංගතය පාලනය කර තිබෙන අතර නරඹන්නන් බහුතරයක්ම ක්‍රීඩාංගණයේ ගත කරන්නේ මුඛ ආවරණ පැළඳීමකින් තොරවය.

 


අදහස් (0)

අමීර් ඇලජික් ගොඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.