අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් තමන්ට එරෙහිව පනවන තහනමට එරෙහිව ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික කී‍්‍රඩා බේරුම්කාර මණ්ඩලය හමුවට ගොස් නඩු පවරන බව මනිලාල් ප‍්‍රනාන්දු මහතා ”ලංකාදීප”යට පැවැසීය.
මෙය ස්වාධීන තීන්දුවක් නොවන බව මගේ නිගමනයයි. ඒකට මම සැලෙන්නේ නෑ.
ස්විට්සර්ලන්තයේ කී‍්‍රඩා බේරුම්කාර මණ්ඩලය හමුවට ගිහිල්ලා නඩු පවරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මගේ නීතිඥවරුන්ට මා උපදෙස් දුන්නා යයිද මනිලාල් ප‍්‍රනාන්දු මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් තමන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බවත් ඔහු පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.