Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අතපසුවීම පසුතැවීමක් වෙයි

අතපසුවීම පසුතැවීමක් වෙයි

editorial - 2021 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆින්ලන්ත කණ්ඩායම තරගයේ මුලින්ම ගෝලයක් ලබා ගත් නමුත් ක්‍රීඩකයන් නියමිත සීමාවෙන් පිටත සිට ලබාගත් එකක් වූ හෙයින් එම ගෝලය අවලංගු කෙරිණ. එහි අවාසිය වූයේ තරගයේ සම්පූර්ණ කාලය නිමා වන තුරුත් ෆින්ලන්තයට තවත් එකම ගෝලයක් හෝ ලබාගැනීමට අවස්ථාව නොලැබීමත්, රුසියාව හමුවේ  ගෝල 1-0 ක් ලෙසින් පරාජය වීමටත් ෆින්ලන්ත පිලට සිදුවූ බැවිනි. 

යුරෝ 2020 තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ඊයේ (16 වැනිදා) පැවැත්විණ. 

ඩෙන්මාර්කයට එරෙහිව පැවැති තරගයේදීත් ෆින්ලන්තය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබාගත් ජොයෙල් පොජන්පාලෝ තරගයේ 5 වැනි විනාඩියේදීම රුසියානු දැල් රකින්නා මුළා කරමින් පන්දුව දැළ තුළට යැවීය. එහෙත් ෆින්ලන්ත කණ්ඩායමේ සතුට රඳා පැවැතියේ ටික වේලාවකි. වීඩියෝ සහාය ලබාගන්නා තරග තීරකවරයාගේ තීන්දුව වූයේ ජොයෙල් නියමිත සීමාවෙන් පිටත සිටි බවයි. 

“ජොයෙල් කොයි තරම් එළියෙන් හිටියාද කියා කියන්න මා දන්නේ නෑ. ඒත් ඒක සීමාව පිළිබඳ ප්‍රශ්නයක්. අද දවසේදී ඒක අපේ පැත්තට වාසිදායක වුණේ නෑ” යයි ෆින්ලන්ත නායක පවුලියස් අරජූරි පැවසීය. 

කෙසේ වෙතත් පළමු භාගයේ අවසන් මිනිත්තුවේදී රුසියාවේ ඇලෙක්සි මිරැන්චුක්ගේ වම් පාදයෙන් නිකුත් වූ පන්දුව දැළ සොයා ගියේය. පළමු අර්ධය නිමා වූයේ ගෝල 1-0 ක් ලෙසින් රුසියාව ඉදිරියෙන් සිටිමිනි. 

දෙවැනි අර්ධයේදී ක්‍රීඩකයන් කිහිප දෙනකුම කහ කාඩ් පතින් අවවාද ලැබූ නමුත් දෙපිලම ගෝල ලබාගැනීමට අපොහොසත් වූහ. ෆින්ලන්ත පිලට ඉතිරිවූයේ අතපසුවීම සම්බන්ධයෙන් පසුතැවීම පමණි. 

මෙ වන විට තරගාවලියේ තරග 2 කින් එකක් පමණක් ජයගත් ෆින්ලන්ත කණ්ඩායමට ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ඇත්තේ දුරස්ථ අවස්ථාවකි. 

- 213


අදහස් (0)

අතපසුවීම පසුතැවීමක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.