ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කළ අන්තර් සමාජ කාන්තා (ෆුට්සාල්) පාපන්දු තරග මාලාවේ පළමු කාණ්ඩයේ ශූරතාව යුද හමුදා ‘ඒ’ කණ්ඩායමත් දෙවනි පෙල ශූරතාව තිහාරිය යුනයිටඞ් කණ්ඩායමත් හිමිකර ගත්හ.
රීඞ් මාවත තුරග තරග පිටියේදී පැවැති තරග මාලාවේ පළමු කාණ්ඩය කණ්ඩායම් හතක්ද දෙවැනි පෙළ තරගාවලියට කණ්ඩායම් 25ක්ද සහභාගි වූහ.
තරග මාලාවේ ශූරතාලාභි කණ්ඩායම්
(පළමු කාණ්ඩය)
* කුසලාන කාණ්ඩය
ශූරතාව: යුද හමුදා ‘ඒ’ පිල අනුශූරතාව නාවික හමුදා ‘ඒ’ පිල (2-1)
* පළග කාණ්ඩය
ශූරතාව: නාවික හමුදා ‘බී’ පිල අනුශූරතාව ගුවන් හමුදා ‘ඒ’ පිල (1-0)
* ‘බඳුන’ කාණ්ඩය
ශූරතාව: පොලිස් පිල අනුශූරතාව - යුද හමුදා ‘බී’ පිල (2-0)
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව : තුෂානි මධුෂිකා (නාවික හමුදා ‘ඒ’)
තරගාවලියේ දක්ෂතම ගෝල රකින්නිය: අයෝමි ශානිකා (යුද හමුදා ‘බී’)
(දෙවැනි කාණ්ඩය)
ශූරතා කාණ්ඩය: තිහාරිය යුනයිටඞ් පිල
අනුශූරතාව: පොල්ගහවෙල යුනයිටඞ් පිල (2-0)
* පළග කාණ්ඩය
ශූරතාව: කළුතර ‘ඒ’ පිල අනුශූරතාව - මීගමුව ශාන්ත සෙබස්තියන් පිල (2-0)
* බඳුන කාණ්ඩය
ශූරතාව: ගම්පහ පිල අනුශූරතාව: පොල්ගහවෙල යුනයිටඞ් ‘බී’ පිල (1-0)
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව : පාරමී අහිංසා (තිහාරිය යුත්) තරගාවලියේ දක්ෂතම ගෝල් රකින්නිය: අෂානි ඉමේෂා (තිහාරිය යුත්)
පළමුපෙල තරගාවලියේ කුසලාන ශූරියෝ යුද හමුදා ‘ඒ’ කණ්ඩායම
දෙවැනි පෙල කුසලාන කාණ්ඩය ජය ගත් තිහාරිය යූත් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.