Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සත් සාමාජික පාපන්දු තරගාවලිය 3 - 4

සත් සාමාජික පාපන්දු තරගාවලිය 3 - 4

editorial - 2024 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ගාල්ල බූස්ස වැල්ලබඩ මිතුරු සංසදය පලමු වරට සංවිධානය කරනු ලබන දේවින්ද ජී. ද සොයිසා අනුස්මරණ සත් සාමාජික පාපන්දු තරගාවලිය පෙබරවාරි මස 3 සහ 4 දෙදින බූස්ස වැල්ලබඩ මහ විදුහල් පාපන්දු පිටියේදී පැවැත්වේ.

තරගාවලියේ ශූරයන්ට මුදලින් රුපියල් 100,000 ක් ද අනු ශූරයන්ට මුදලින් රුපියල් 50,000 ක්ද තෙවැනි ස්ථානය සදහා මුදලින් රුපියල් 25,000 ක්ද පිරිනමනු ලබන බව තරග සංවිධායකයෝ කියති.

ඊට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හා දක්ෂතම දැල් රකින්නාට මුදලින් රුපියල් 10,000 ක්  බැගින්ද තරගාවලියේ විනීතම ක්‍රීඩකයාට මුදලින් රුපියල් 5000 ක්ද පිරිනමනු ලබන බවද ඔවුහු කියති.

තරගාවලිය සදහා අවශ්‍ය වැඩි විස්තර මහින්ද (0779-006129), උමේෂ් (0772-850947) හෝ සතිෂ් (0768-474015) අමතා ලබාගත හැකිය.


අදහස් (0)

සත් සාමාජික පාපන්දු තරගාවලිය 3 - 4

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.