Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මෙසීගෙන් ගෝල වැස්සක්

මෙසීගෙන් ගෝල වැස්සක්

editorial - 2022 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එස්තෝනියාවට එරෙහිව ඊයේ පැවැති ජාත්‍යන්තර මිත්‍රත්ව පාපන්දු තරගයකදී ගෝල 5 ක් වාර්තා කිරීමට ආජන්ටිනාවේ ලයනල් මෙසී සමත් විය.

තරගයේ 8 වැනි විනාඩියේදී ආජන්ටිනාවට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් වැඩ ඇරඹූ මෙසී, පළමු අර්ධයේ අවසන් (45 වැනි) විනාඩියේදී පාපු ගෝමස්ගේ සාහය ඇතිව තවත් ගෝලයක් වාර්තා කළේය.

ඒ අනුව ගෝල 2-0 ක් ලෙස තරගයේ පළමු අර්ධය නිමාවට පත්වූ අතර දෙවැනි අර්ධයේ 47 වැනි, 71 වැනි සහ 76 වැනි විනාඩිවලදී ගෝල ත්‍රිත්වයක් ලබාගත් මෙසී, සිය කණ්ඩායමට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර දුන්නේය.

ජාත්‍යන්තර පාපන්දු පිටියේ සිවුවැනි වැඩිම ගෝල ලාභියා වන මෙසී (ගෝල 84), පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (ගෝල 117), ඉරානයේ අලී ඩේයි (ගෝල 109) සහ මැලේසියාවේ මොක්තර් දාහාරි (ගෝල 89) යන ක්‍රීඩකයන්ට වඩා පසුපසින් සිටියි.

-036

 


අදහස් (0)

මෙසීගෙන් ගෝල වැස්සක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.