Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මාධ්‍යවේදීන්ට මහ සභාවේ දොරටු ඇරේ

මාධ්‍යවේදීන්ට මහ සභාවේ දොරටු ඇරේ

editorial - 2024 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පෙබරවාරි 3 වැනිදා කටුනායක ඊගල්  ලැගුන් වීව් හෝටලයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීමේ දී ප්‍රථමවරට එහි ගිණුම් වාර්තාව අනුමත කර ගැනීම සිදු කෙරේ. මෙතෙක් එහි ක්‍රියාදාමය වූයේ පාපන්දු ආයතනයේ විධායක සභාව විසින් වාර්ෂික ගිණුම් වාර්තා නිර්දේශ කර පසුව එය මහ සභාවට ඉදිරිපත් කිරීමයි.

පෙබරවාරි 3 වැනිදා කැඳවෙන මෙම මහ සභා රැස්වීමේදී පාපන්දු ආයතනයේ ඉදිරි සංවර්ධන සැළස්ම එළිදැක්වීමත් සිදු කෙරේ. පළමු වතාවට පාපන්දු ආයතනයේ මහ සභා රැස්වීම නිරීක්‍ෂණය සඳහා ආරාධිත මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී කර ගන්නා බවත් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට හඳුන්වාදුන් නව ව්‍යවස්ථාව යටතේ මෙම සියලු කටයුතු සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

මාධ්‍යවේදීන්ට මහ සභාවේ දොරටු ඇරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.