Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පේලේ යළිත් දැඩි සත්කාර ඒකකයට

පේලේ යළිත් දැඩි සත්කාර ඒකකයට

editorial - 2021 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


{18 වැනිදා (සාඕ පාවුලෝ) - ඒ.එෆ්.පී.}

පසුගියදා ශල්‍යකර්මයකට මුහුණ දුන් පාපන්දු ලෝකයේ “රජ්ජුරුවෝ” වන පේලේ ඊයේ (සිකුරාදා) නැවත වරක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. ඔහු තරමක් දුරට හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පසුවන නමුත් ස්ථාවර තත්ත්වයක සිටින බව සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහල ප්‍රකාශ කරයි.

මේ වන විට 80 හැවිරිදි වියේ පසුවන පේලේ දෙසතියකට පමණ ඉහතදී සැත්කමකට මුහුණ දුන්නේත් මෙම රෝහලේදීමය. පේලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යවා ඇත්තේ “පූර්වාරක්‍ෂක පියවරක්” ලෙසින් යයි නිවේදනය කරන රෝහල ඔහුය ඉතාමත් ඉක්මනින්ම අර්ධ දැඩිසත්කාර ඒකකයකට යැවිය හැකි බවද කියයි.
පේලේගේ උදරයේ මහ බඩවැලේ ඇතිව තිබූ ගෙඩියක් හේතුවෙන් ඔහු මේ මස මුලදී සැත්කමකට මුහුණ දුන්නේය.

“හෘදය සම්බන්ධ සහ ස්වසනය සම්බන්ධයෙන් ඔහු මෙ වන විට ස්ථාවර තත්ත්වයේ සිටිනවා” යයි සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහල ප්‍රකාශ කරයි.

“මිත්‍රවරුනි, මා දැන් හොඳින් සුවය ලබමින් සිටිනවා. අද මගේ පවුලේ අයත් (දියණිය - කෙළී නසිමෙන්ටෝ) මාව බලන්න ආවා. මම හැමදාම හිනාවෙලා ඉන්නවා” යයි හිටපු පාපන්දු තරුව සිය සැත්කමෙන් පසුව ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් තබා තිබිණ. මෙම පණිවුඩයෙන් පසුව දියණිය වන කෙළී  ද තාත්තා සමග එකට සිටි ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් හි පළකර තිබිණ.

“එයාගේ වයසේ කෙනෙකුට මේක සමාන්‍ය සුවය ලැබීමක්. සමහර විට, මේ වගේ සැත්කමකට පස්සේ, කිසියම් කෙනෙක් පියවර දෙකක් ඉදිරියටත්, නැවත පියවරක් පසුපසටත් යන්න පුළුවන්”   යයි කෙළී නසිමෙන්ටෝ සටහන් කර තිබිණ.

පේලේගේ මහ බඩවැලේ තිබූ ගෙඩිය හේතුවෙන් ඔහු සැත්කමකට මුහුණ දුන්නේ පසුගිය 6 වැනිදාය.
පාපන්දු ඉතිහාසයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙසින් සැලකෙන පේලේගේ සැබෑ නම වන්නේ එඩිසන් ඇරැන්ටස් ද නසිමෙන්ටෝ ය. පසුගිය වසර කිහිපයේදීම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් දුරට දුර්වල වී තිබූ හෙයින් වරින් වර ඔහුට රෝහල්ගත වීමට සිදුවිය.

පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය කළ (1958, 1962 සහ 1970) කණ්ඩායම් 3 කට ක්‍රීඩා කළ ලෝකයේ එකම ක්‍රීඩකයා වන පේලේ අන්තර්ජාතික පාපන්දු තරගයකට ක්‍රීඩා කරන විට ඔහුගේ වයස යන්තම් අවුරුදු 17 කි. 1958 දී ස්වීඩනයේදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේදී ගෝල 2 ක්ම ලබාගත් පේලේ පළමු වතාවට බ්‍රසීලයට ලෝක කුසලානය දිනා දුන්නේය.

“ඕ රේ (රජ්ජුරුවෝ)” යනුවෙන් හැඳින්වෙන පේලේ 1977 දී පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්නා විට ගෝල 1000 කට වැඩියෙල් ලබා සිටියේය.

 

 - 213

 


අදහස් (0)

පේලේ යළිත් දැඩි සත්කාර ඒකකයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.