Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පැරිස් ඔලිම්පික්-ආසියානු කුසලාන තරගාවලි දෙකකින් ශ්‍රී ලංකාව දො​ට්ට

පැරිස් ඔලිම්පික්-ආසියානු කුසලාන තරගාවලි දෙකකින් ශ්‍රී ලංකාව දො​ට්ට

editorial - 2023 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

ප්‍රධානතම අන්තර් ජාතික පාපන්දු තරගමාලා දෙකකින් ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවට පසුගිය ජනවාරි 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබෙන අන්තර් ජාතික පාපන්දු තහනම හමුවේ ඔවුන් මෙම අන්තර් ජාතික තරගාවලි දෙකෙන් ඉවත් කිරීමේ තීරණයට බලපෑ බව එහිදී අන්තර් ජාතික පාපන්දු සම්මේලනය එම දැනුම් දීමේ ලිපියේ සඳහන් කර ඇත.

‘පැරිස්’ ඔලිම්පික් උළෙල (2024) - පාපන්දු (පිරිමි - වයස 23 න් පහළ) තරඟාවලිය හා ආසියානු කුසලාන වයස 23 න් පහළ පාපන්දු (පිරිමි) තරගාවලියෙන් එහිදී ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.

ආසියානු සමුළු වයස 23 න් පහළ තරගාවලියේ කලාපීය මූලික වටයේ තරග කටාර් රාජ්‍යයේදී ඇරඹේ. ඒ සඳහා තරග අයැදුම්පත් බාර ගැනීම අප්‍රේල් 13 සිට මැයි 10 දක්වා සිදු කෙරේ.

පැරිස් ඔලිම්පික් උළෙලේ පාපන්දු (පිරිමි) රන් පදක්කම සඳහා පැවැත්වෙන තරඟාවලියේ කලාපිය මූලික වටයේ තරග ලබන ජුනි මාසයේ සිට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව මේ අන්තර් ජාතික තරගමාලා දෙකෙන් ඉවත් කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයට පෙර කටයුතු කළ විධායක සභාවේ ලේකම් ධුරයේ කටයුතු කළ උපාලි හේවගේ මහතාට දැනුම්දී ඇත්තේ ආසියානු පාපන්දු සමුළුවේ ලේකම් දාතුක් සෙරි වින්සර් ජෝන් මහතා විසිනි.

ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැනවී තිබෙන අන්තර් ජාතික පාපන්දු තහනම හමුවේ එයින් නිදහස් වන තුරු කිසිදු ආකාරයේ ජාත්‍යන්තර පාපන්දු කාන්තා හා පිරිමි තරගමාලා සඳහා සහභාගී වීම ඔවුන්ට තහනම් වේ.

ඒ අතර එදින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සමුළුව ලබා දෙන වාර්ෂික මූල්‍යාධාර හා පහසුකම් සියල්ලත් අත්හිටුවා තිබේ.


අදහස් (1)

පැරිස් ඔලිම්පික්-ආසියානු කුසලාන තරගාවලි දෙකකින් ශ්‍රී ලංකාව දො​ට්ට
  • fairoos Monday, 08 May 2023 02:43 PM

    කාලකණ්ණින් රට පාලනය කරනකොට, හැම තැනම මෙහෙම තමයි....

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.