Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු ශූරතාව හික්කඩුව ශ්‍රී සුමංගල විදුහලට

පාපන්දු ශූරතාව හික්කඩුව ශ්‍රී සුමංගල විදුහලට

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වතුගෙදර සීනිගොඩ සිරි අභයතිස්ස මහ විදුහල් ක‍්‍රීඩාංගණයේ පැවැති අන්තර් පාසල් වයස 15න් පහළ සත්සාමාජික පාපන්දු තරගාවලියේ ශූරතාව හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. එහි අනුශූරතාව සීනිගොඩ සිරි අභයතිස්ස විද්‍යාලයට හිමිවිය.

අවසන් මහා තරගයේදී හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය ගෝල 1-0 ලෙස සීනිගොඩ සිරි අභයතිස්ස විද්‍යාලයීය ඒ කණ්ඩායම පරාජය කරමින් ශූරතාව දිනා ගත්තේය. ගෝල 2-1 ලෙස අම්බලන්ගොඩ පී ද එස් කුලරත්න විද්‍යාලය පරාජය කරමින් වතුගෙදර ශ්‍රීපති මහා විද්‍යාලය තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

පාපන්දු තරගාවලියේ ජය සංකේත ප‍්‍රදානෝත්සවය අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂක දිලිප් කුමාර, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දකුණු පළාත් සම්බන්ධීකරණ නිලධාරි ඉඳුනිල් එදිරි වික‍්‍රමසූරිය, ගාලූ දිස්ත‍්‍රික් පාපන්දු සංගමයේ විනිසුරු කමිටු සභාපති මාලක දිමුතු, සීනිගොඩ සිරි අභයතිස්ස විදුහලේ විදුහල්පති කේ. ජනිත ලාල් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

 

අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • සීනිගොඩ සිරි අභයතිස්ස විද්‍යාලයීය ඒ කණ්ඩායම විසින් ගෝල 6-5 ලෙස වතුගෙදර ශ්‍රීපති විද්‍යාලය පරාජය කරන ලදි.
  • හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය විසින් ගෝල 2-0 ලෙස අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය පරාජය කරන ලදි.

 

අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • වතුගෙදර ශ්‍රීපති මහා විද්‍යාලය විසින් ගෝල 1-0 ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පරාජය කරන ලදි.
  • හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය විසින් ගෝල 1-0 ලෙස සීනිගොඩ සිරි අභයතිස්ස විද්‍යාලයීය ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
  • සීනිගොඩ සිරි අභයතිස්ස විද්‍යාලයීය ‘ඒ’ කණ්ඩායම විසින් ගෝල 3-0 ක් ලෙස අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය පරාජය කරන ලදි.
  • අම්බලන්ගොඩ පී.ද එස් කුලරත්න විද්‍යාලය විසින් ගෝල 1-0 ලෙස මාදම්පාගම විද්‍යාලය පරාජය කරන ලදි.

 


අදහස් (0)

පාපන්දු ශූරතාව හික්කඩුව ශ්‍රී සුමංගල විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.