වයස 16 න් පහළ ජාතිත පාපන්දු කණ්ඩායම තෝරා ගැනීම සඳහා හෙට සහ අනිද්දා (27-28) දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පාපන්දු තේරීම් තරග දින නියමයක් නැතිව කල් දමා තිබේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම තේරීම් තරග කල් දමනු ලැබ ඇත.
තේරීම් තරග පැවැත්වෙන දින නැවත දැනුම් දෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ප්‍රකාශ කරයි.
ලබන සැප්තැම්බර් 16 සිට 24 දක්වා සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත ආසියානු පාපන්දු සම්මේලන කුසලාන වයස අවු 16 න් පහළ ඒ කාණ්ඩයේ තරග කිරීම සඳහා මෙම සංචිතය තෝරා ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අද තේරිම් පරීක්ෂණය කැදවා තිබුණි. සංචිතයට ක්‍රීඩකයින් 100 ක් පමණ තෝරා ගැනීමට අපේක්ෂිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.