Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොළඹ සිව්කොන් තරගාවලියට රටවල් ප්‍රකාශයට පත්කරයි

කොළඹ සිව්කොන් තරගාවලියට රටවල් ප්‍රකාශයට පත්කරයි

editorial - 2024 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී ලබන මාර්තු 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති ලෝක කලාපීය සිව්කොන් පාපන්දු තරගාවලියට සහභාගීවන රටවල් හතර ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකාව සත්කාරය දරන මෙම තරගාවලියට ආසියාවෙන් භූතානය, ඕෂනියා කලාපයෙන් පැපුවානිව්ගිනියාව හා අප්‍රිකානු කලාපයෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජය සහභාගී වේ.

මාර්තු 18, 21, 24 හා 27 යන දිනවලදී තරගාවලිය පැවැත්වෙන අතර අවසන් මහ තරගය 27 වැනිදා රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ලෝක කුසලාන (2026) තරගාවලියේ සුදුසුකම් තරග වට පරාජිතයන් සඳහා පළමු වරට හඳුන්වා දෙන ‘‘වර්ල්ඩ් සීරිස්’’ හෙවත් ලෝක කලාපීය තරග මාලාවේ පළමු තරගාවලියේ සත්කාරය මෙසේ ශ්‍රී ලංකාව ලබාගැනීමට සමත්ව සිටින බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ‘ලංකාදීප’ ය කළ විමසුමකදී පැවැසීය.

ශ්‍රී ලංකාවේ දී වසර 2021 නොවැම්බර් මාසයේදී පැවැති සිව් කොන් තරගාවලියේ ආකෘතියට අනුව යමින් ලෝක පාපන්දු සම්මේලනය නව තරග මාලාව හඳුන්වාදීම විශේෂත්වයක් ගනියි. එහි ජයග්‍රාහී කණ්ඩායම සඳහා මුදල් ත්‍යාගයක්ද ප්‍රදානය වන අතර ලොව මහද්වීප පහේදීම ලෝක කුසලාන (2026) සුදුසුකම් තරග වට පරාජිතයන් අතර පැවත්වෙන නව තරග මාලාව සඳහා බරපැන දැරීමත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින්ම සිදුකරනු ලබයි.

අවසන් වරට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය පසුගිය දෙසැම්බර් 15 වැනිදා සිදුකර තිබෙන ලෝක පාපන්දු (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 204 වැනි ස්ථානයේ ද භූතානය 184 වැනි ස්ථානයේ ද මධ්‍යම අප්‍රිකානු ජනරජය 131 වැනි ස්ථානයේ ද පැපුවානිව්ගිනියාව 165 වැනි ස්ථානයේ ද පසුවේ.


අදහස් (0)

කොළඹ සිව්කොන් තරගාවලියට රටවල් ප්‍රකාශයට පත්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.