Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ආර්ජන්ටිනාව - චිලී ජය ලබති

ආර්ජන්ටිනාව - චිලී ජය ලබති

editorial - 2021 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ සෙනසුරාදා පැවැති තරගයකදී උරුගුවේ පිලට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට ආර්ජන්ටිනාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ආර්ජන්ටිනාව සමත් වූ අතර මේ දක්වා තරග 2 කට ක්‍රීඩා කර ඇති ඔවුන් ඉන් එක් තරගයක් ‍ජයගෙන සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටියි.

තරගය ආරම්භ වී විනාඩි 13 ක් ගත වන විට ගෝලයක් ලබාගත් ගයිඩෝ රොඩ්‍රිගස් පළමු අර්ධය අවසන් වන විට ගෝල 1-0 ක් ලෙස ආර්ජන්ටිනාව ‍පෙරමුණට ගෙන ආවේය‍. ඉන් අනතුරුව තරගය නිමාවන තෙක්ම ගෝල ලබාගැනීමට කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් අසමත් වීම නිසා ආර්ජන්ටිනාවට ගෝල 1-0 ක් ලෙස තරගයේ ජය හිමිවිය.

මූලික වටයේ සෙසු තරගවලදී පැරගුවේට එරෙහිව මේ මස 22 වැනිදාද, බොලීවියාවට එරෙහිව 29 වැනිදාද ආර්ජන්ටිනාව තරග බිමට පිවිසීමට නියමිතය.

මේ අතර සෙනසුරාදා පැවැති තවත් තරගයකදී බොලීවියාවට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට චීලි රාජ්‍යය සමත් විය‍. තවමත් 22 වැනි වියේ පසුවන යොවුන් ක්‍රීඩක බෙන් බෙරන්ටන් තරගයේ 10 වැනි විනඩියේදී බොලිවියාව වෙනුවෙනු ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

එම තරගයෙන් ජයගත්තද චිලී රාජ්‍යයට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ පැමිණීම‍ට නොහැකි විය.‍ මේ දක්වා තරග 2 කට ක්‍රීඩා කර ඇති ඔවුන් ඉන් එක් තරගයක් ‍ජයගෙන සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටින නමුත් එම තරගවලදී ලබාගත් සහ ලබාදුන් ගෝල සංඛ්‍යාවන්ට අනුව ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

 මූලික වට‍යේදී චිලී රාජ්‍යය සහභාගි වන මීලඟ තරග දෙක මේ මස 22 වැනිදා උරුගුවේට එරෙහිවද, 25 වැනිදා පැරගුවේට එරෙහිවද පැවැත්වීමට නියමිතය.



-036


අදහස් (0)

ආර්ජන්ටිනාව - චිලී ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.