Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features මූනිස්සම් නැති යුද්ධයක්
ආසියානු කුසලාන 2023

මූනිස්සම් නැති යුද්ධයක්

editorial - 2023 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට)

දශක අටකට පමණ ඉහතදී ඉන්දියාව සහ පාකිස්තානය එකම රටක්ව තිබුණේය. 1947 දී අධිරා්‍යවාදී පාලනයෙන් මිදීමත් සමගින් ඉන්දියාව සහ පාකිස්තානය රටවල් දෙකක් විය.

මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්, ඉන්දියාව සහ පාකිස්තානය අතර හෙට (02 වැනිදා) පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගය ‘මූනිස්සම් වලින් තොර යුද්ධයක්’ බවට පත්කරගනු ලැබ ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ වාණිජ අරමුණු ඉලක්ක කරගත් උදවිය විසිනි.

දෙරටේම දේශපාලන බලවත්තු ද ඊට උඩගෙඩි දෙති.

රටවල් දෙකහිම ක්‍රීඩකයන් අතර එදිරිවාදිකම් නැතුවා මෙන්ම දෙපිලේම ක්‍රීඩකයෝ, තමන් සම්බන්ධයෙන් කරනු ලබන විවිධාකාර අර්ථදැක්වීම් ද විවේචනයකින් තොරව ඉවසා සිටිති. එහෙත් පරිපාලනයට අවනත විය යුතු බැවින්, පිටියේදී දෙපිලක්ව තරග වදිති.

2023 ආසියානු කුසලාන තරගාවලියේදී වඩාත්ම උණුසුම් තරගය වියහැකි බැවින්, මෙම තරගයේ ප්‍රවේශපත් අධික මිලගණන් වලට අළෙවි කෙරේ. ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලයේ ප්‍රවේශපත්‍රයක් රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලකට අළෙවි කෙරෙන අතර ඉඳගන්නට ආසනයක් හෝ හිසට වහළක් නැති තණ බිස්සේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1600 කි.

අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව පාකිස්තානය පළමු ස්ථානයේත් ඉන්දියාව තුන්වැනි ස්ථානයේත් සිටිති. එහෙත් ඉන්දීයානුවන් කියන පරිදි තරගයේ වාසිය ඇත්තේ ඉන්දියාවටය. පාකිස්තානුවෝ කිසිවක් නොකියා මුනිවත රකිති.

“ඒක තමයි වැදගත් වෙන්නේ....”
“නිසලව ඉඳිමින්, වෙලාව ආවාම තමන්ගේ වැඩකොටස අඩු නැතිව කිරීම තමයි හොඳම දේ” යයි ඉන්දීය පුහුණුකරුවකු මෙන්ම කළමණාකරුවකුව සිටි රවී ශාස්ත්‍රි කියා තිබුණේය.
 
කණ්ඩායම් දෙකම එකවගේ ශක්තිමත් කණ්ඩායම් දෙකකි. එකක් අනෙකට වඩා හොඳයි යයි කීමට ඉදිරිපත් වන කෙනෙක් නැති. ඊට තවත් හේතුවක් වන්නේ මෙම කණ්ඩායම් දෙකම කුසලාන වෙනුවෙන් තරග වදිනවා විනා ද්විපාර්ශ්වික තරග වලට සහභාගි නොවීමයි. 2017 සිට මේ දක්වා ගෙවුණු වසර 6 ක කාලයේදී ඉන්දියාව සහ පාකිස්තානය තරග කර ඇත්තේ අවස්ථා 4 කදී පමණි. 2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියත්, 2018 ආසියානු කුසලාන තරගාවලියත්, 2019 ලෝක කුසලාන තරගාවලියත් එම තරග 4 පැවැති අවස්ථාවන්ය.

ඉන්දීය පිතිකරු විරාට් කෝලි සුවිශේෂී කඩයිමක් ආසන්නයේ සිටී. එක්දින ලකුණු 13,000 කඩයිම පසුකිරීම සඳහා ඔහුට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 102 කි. මේ දක්වා එක්දින ඉනිම 265 ක් ක්‍රීඩා කර සිටින කෝලිට සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව (එක්දින ඉනිම 325) අභිබවා යාම මේ තරගාවලියේදීම කළ හැකිය.


ඉන්දීයාව වෙනුවෙන් පිටියට පිවිසීමට සූදානම් වන 12 දෙනා
රෝහිත් ෂර්මා (නායක), ෂුබ්මන් ගිල්, විරාට් කෝලි, ශ්‍රෙයාස් අයියර්, ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජදේජා, ශර්දුල් ඨාකූර්, මොහොමඩ් ශාමි, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ් සහ ජස්ප්‍රීට් බුම්රා

පාකිස්තානය වෙනුවෙන් පිටියට පිවිසීමට සූදානම් වන 11 දෙනා
බාබර් අසාම් (නායක), ෆකර් සමාන්, ඉමාම් උල් හක්, මොහොමඩ් රිස්වාන්, අඝා ෂල්මාන්, ඉෆ්තිකාර් අහමඩ්, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, ශහීන් ෂා අෆ්රීඩි, නසීම් ෂා සහ හාරිස් රවුෆ්

 


අදහස් (0)

මූනිස්සම් නැති යුද්ධයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.