Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features නවසීලන්තය - අයර්ලන්තය උණුසුම් ගැටුමකට සූදානමින්
ලෝක කුසලාන රග්බි - 2023

නවසීලන්තය - අයර්ලන්තය උණුසුම් ගැටුමකට සූදානමින්

editorial - 2023 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි තරගාවවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය ආරම්භ කරමින් හෙට (14 වැනිදා) අර්ධ අවසන් පූර්ව තරග දෙකක් පැවැත්වෙයි. මෙම තරග දෙකින් වඩාත් උද්වේගකර තරගය විය හැක්කේ නවසීලන්තය සහ අයර්ලන්තය අතර තරගයයි. 

පළමු අර්ධ අවසන් පූර්ව තරගය, ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට රාත්‍රී 8.30ට වේල්සය සහ ආර්ජන්ටිනාව අතර ප්‍රංශයේ මාර්සේල් නුවරදී පැවැත්වෙයි.  දෙවැන්න නවසීලන්තය සහ අයර්ලන්තය අතර හෙට, ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30 ට, ශාන්ත ඩෙනිස් නුවරදී ආරම්භ වෙයි. 

වර්තමානයේ ලෝක රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව අයර්ලන්තය අංක 1 හිමි කණ්ඩායමයි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 4 වැනි ස්ථානයේ සිටින නවසීලන්තය තුන් වතාවක්ම රග්බි ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමකි. 

වේල්සය සහ ආර්ජන්ටිනාව අතර ඇත්තේ හීතල යුද්ධයකි. ලෝක රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී වේල්සය 6 වැනි ස්ථානයේත් ආර්ජන්ටිනාව 8 වැනි ස්ථානයේත් සිටිති. 

මෙම තරගයෙන් ආර්ජන්ටිනාව ජයගනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ උපකල්පනයයි. ආර්ජන්ටිනියානුවන් ජපානය පරදවා අර්ධ අවසන් පූර්ව වටයට පැනගැනීමත්, ආර්ජන්ටිනාවේ පුහුණුකරු ඕස්ටේ්‍රලියානු ජාතික මයිකල් චීකා වීමත් ආර්ජන්ටිනාව කෙරේ වැඩි දෙනාගේ බලාපොරොත්තු රැඳීමට කාරණාවයි. 

ආර්ජන්ටිනාව, සිය පළමු තරගයේදීම එංගලන්තය හමුවේ දරුණු පරාජයක් ලැබීය. එහෙත් පසුගිය සෙනසුරාදා ජපානය ලකුණු 39-27 ක් ලෙසින් පරාජය කළ ආර්ජන්ටිනියානුවෝ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. 

“ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පුර්ව වටයට එනවා කියන්නේ එදා දවසේ සෙල්ලම් කරන හැටියට, ඕනැම කණ්ඩායමකට පුළුවන් තවත් කණ්ඩායමක් පරදවන්න”

“අපිට මේ තරගය දිනන්න ඕනා... එච්චරයි”  වේල්සයේ සහාය පුහුණුකරුවා කියයි. 

- 213


අදහස් (0)

නවසීලන්තය - අයර්ලන්තය උණුසුම් ගැටුමකට සූදානමින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.