Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (17 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගයේදී වර්ෂාව හේතුවෙන් පැය 5 ක කාලයක් අපතේ ගියද, රාත්‍රී නවයත් පසුවී ආරම්භ වූ තරගයේදී දකුණු අප්‍රිකානු කාන්තාවෝ කඩුලු 10 ක ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් දකුණු අප්‍රිකානු කාන්තාවන් අවසන් පූර්ව වටයේ දොරටුව අබියසට පැමිණි නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වැදගත් වන්නේ එය නොවේ.
“අපට මේ තරගය ජයගන්නට බැරිවුණේ ඇයි ?” යයි හිතන්නට පුළුවන් කමක් ඇත්නම්, එය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉදිරිය වෙනුවෙන් වඩාත් ප්‍රතිපළ දායක විය හැකිය.
“බංග්ලාදේශයට සහ පාකිස්තායට එරෙහි ඉතිරිව තිබෙන තරග දෙක ජයගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නවා” යයි කීමට කිසිවකු එඩිතර නොවන බවට සැකයක් නැත. එහෙත් “ගියදේ ගියාවේ...ඉදිරියෙදී හොඳට කරමු” යයි කියන්නට ඕනෑම ක්‍රීඩිකාවකට පුළුවන.
කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව චමරි අතපත්තු පැකිළීමකින් තොරවම පිතිහරඹය තෝරා ගත්තේ ඒ වන විටත් නැගෙණහිර අහසේ පෙනෙන්නට තිබූ කළු වළාකුළු දුටු බැවිනි. වර්ෂාව පැමිණීමට පෙර වැඩි ලකුණු සංඛ්‍යාවක් පුවරුවට දමාගත්තේ නම් ඩක්වර්ත් - ලුවිස් න්‍යායේ වාසිය තම පන්ද යවන්නියන්ට දියහැකි බව චමරි දැන සිටියාය.
පන්දුව දණහිසේ වැදීමෙන් දැඩි වේදනාවට පත්වීමට පෙර විශ්මි ගුණරත්න පන්දු 16 කින් ලකුණු 12 ක් ලබා සිටි අතර ඒ වන විටත් පන්දු 12 කට මුහුණ දී සිටි චමරි අතපත්තු ලබා සිටියේ ලකුණු 3 කි. කණ්ඩායමේ සිටින වඩාත්ම පළපුරුදු මෙන්ම හොඳම පිතිකාරිණිය ලෙසින් අවිවාදයෙන් සැලකෙන අතපත්තු සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් සිටියේ “වෙලාව ආවාම දෙන්නම්කෝ පාර” යන ප්‍රතිපත්තියේ සිටිමිනි.
එහෙත් සියල්ල සිදුවන්නේ අපගේ සැලසුම් අනුවම නොවේ. වර්ෂාව පැමිණිමට පෙර යැවුණු ඕවර 12 න් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එක්වූයේ ලකුණු 46 ක් පමණි. ලකුණු වේගය 3.83 ක් වූ අතර අතපත්තු මෙන්ම විශ්මි ගුණරත්න ද පිටියෙන් ඉවත්වී ගොස් සිටියහ.
ප්රශ්නය ඇත්තේ මෙතැනය.
අතපත්තු සහ විශ්මි දෙදෙනාම නැති පීඩනයට මුහුණ දීමේදී පිතිහරඹයේ බර කරට ගන්නේ කවුරුන්ද යන්න ශ්‍රී ලංකා කාන්තා පිල හමුවේ ඇති ප්රශ්නයයි.
විශේෂයෙන්ම එක්දින තරගයක පළමු ඕවර 10 ඇතුළත, යාර 30 වළල්ලෙන් එපිට ක්‍රීඩිකාවන් දෙදෙනකු පමණක් සිටියදී, යාර 30 වළල්ලට ඉහළින් පහර කීපයක් ගැසිය හැකි ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටිත් ද?
වසර 30 ක් තරම් ඈතකදී, (1995 - බෙන්සන් ඇන්ඩ් හෙජස් කුසලාන තරගාවලියේදී) ශ්‍රී ලාංකීය යුග පුරුෂයන් දෙදෙනකු වන සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ විසින් හඳුන්වා දෙන ලද මෙම ක්‍රමවේදය අදටත් ලෝකය පුරාම භාවිතා වන නමුත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි එයින් ප්‍රයෝජන ගන්නෝ වෙමුද ?
වර්ෂාව පැමිණීමට පෙර යැවුණු ඕවර 12 න් 9 වැන්න නිළකුණු ඕවරයකි. 8 වැනි ඕවරයේදී හසිනි පෙරේරා දැවී ගිය අතර ක්‍රීඩිකාවක් දැවී යාමෙන් පසුව එම ඕවරය හෝ ඊළඟ ඕවරය නිළකුණු ඕවරයක් වීම එංගලන්ත තරගයේදී මෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදීත් ශ්‍රී ලංකා පිතිකාරිණියන්ගෙන් පැහැදිළිවම දැකගත හැකිවූ දුර්වල කමකි.
එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 164 කට දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිමේ නිළකුණු ඕවර 7 ක් සටහන් විය.
දකුණු අප්‍රිකානුවන් හමුවේ, වර්ෂාවට පෙර යැවුණු ඕවර 12 ට ඇතුළත් වූ හතරේ පහර 6 න් පැමිණි ලකුණු 24 අඩුවූ විට ඕවර 12 ක් ඇතුළතදී කඩුලු අතර දිවීමෙන් ලැබී ඇත්තේ ලකුණු 22 කි. තව දුරටත් විශ්ලේෂණය කරන්නේ නම්, වර්ෂාවට පෙර යැවුණු පන්දු 72 කින් කඩුලු අතර දිවයාමෙන් ලබාගෙන ඇත්තේ ලකුණු 22 ක් පමණි. ඒ අතරවාරයේදී පන්දු 54 ක් නිලකුණු පන්දු ලෙසින් සටහන් වී තිබේ.
යාර 30 වළල්ලට ඉහළින් ගැසිය නොහැකි නම් තනි ලකුණු හෝ ද්විත්ව ලකුණු ලබාගනිමින් ලකුණු පුවරුව ක්‍රියාත්මකව තැබිය හැකි නමුත් එයත් කෙරෙන්නේ නැත.
වර්තමානයේ එක්දින අන්තර්ජාතික තරගයකදී මුල් ඕවර 10 න් ලකුණු 75 ක් හෝ 80 ක් ලබාගත නොහැකි නම් එම තරගය ගැන බලාපොරොත්තු තබාගැනීම අසීරුය. මක්නිසාද යත් කාන්තා විස්සයි-20 තරග ලෝකය පුරාම සීඝ්රයෙන් ජනප්‍රිය වේගය යන බැවින් වඩාත් වේගයෙන් ලකුණු ලබාගත හැකි ප්‍රහාරාත්මක පිතිකාරිණියන් කොයි කණ්ඩායමේත් පිතිකරු ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින බැවිනි.
දකුණු අප්‍රිකාවට එරෙහිව සිකුරාදා (17 වැනිදා) පැවැති තරගයේදී ඕවර 12 කින් ලබාගත් ලකුණු සංඛ්‍යාවට (46/2) අවසන් ඕවර 8 දී එක්වූ ලකුණුත් (59/5) සමගින් ඕවර 20 කදී ලකුණු සංඛ්‍යාව 105 ක් විය. ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉලක්කය ඕවර 20 කදී ලකුණු 121 ක් ලෙස සටහන් විය.
යම් හෙයකින් වර්ෂාවට පෙර ලකුණු සංඛ්‍යාව (70/2) වූයේ නම් වර්ෂාවෙන් පසුව (59/5) ලබාගත් ලකුණු සමගින් ශ්‍රී ලංකා කාන්තා පිලේ ලකුණු සංඛ්‍යාව 129/7 කි. දකුණු අප්‍රිකානු ඉලක්කය ඕවර 20 කින් ලකුණු 148 කි.
වර්ෂාවට පෙර ලකුණු සංඛ්‍යාව (80/2) වූයේ නම් වර්ෂාවෙන් පසුව (59/5) ලබාගත් ලකුණු සමගින් ශ්‍රී ලංකා කාන්තා පිලේ ලකුණු සංඛ්‍යාව 139/7 කි. දකුණු අප්‍රිකානු ඉලක්කය ඕවර 20 කින් ලකුණු 158 කි.
එහෙත් සිකුරාදා සිදුවූයේ දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වූල්වාර්ත් (නොදැවී 60) සහ ටැස්මින් බි්‍රට්ස් (නොදැවී 55) දෙදෙනා, ඕවර 14.5 කදී කිසිවකු නොදැවී ලකුණු 125 ක් ලබාගැනීමයි. ඊට කලින් දිනයේ (බ්‍රහස්පතින්දා) ඕස්ටේ්රලියානු ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වූ ඇලිසා හීලි (නොදැවී 113) සහ ෆෝබී ලිච්ෆීල්ඩ් (නොදැවී 84) දෙදෙනා එක්ව බංග්ලාදේශය හමුවේ පන්දු 149 කින් (ඕවර 24.5) ලකුණු 202 ක් ලබගත්හ.
මේ පෙනෙන්නේ වර්තමානයේදී එක්දින අන්තර්ජාතික කණ්ඩායමක යථා ස්වරූපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ අපි සිටින්නේ ඊට බොහෝ බොහෝ දුරකිනි.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් පොරතුව ශ්‍රී ලංකා නායිකාව කියා සිටියේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසීමට ඇත්නම් එය විශාල සතුටක් වන බවයි. කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ සිටීම නායිකාවගේ ප්‍රකාශයේ පසුබිම විය.
තරගය නැවත ආරම්භ වීමෙන් පසුවද තමන්ගේ ඉලක්කය කරා යාමට චමරි ඇතුළු පිරිවර විශාල උත්සාහයක් ගත් නමුත් ලෝරා වූල්වාර්ත් සහ ටැස්මින් බි්‍රට්ස් දෙදෙනා හමුවේ එය අසාර්ථක විය. ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට අනුකම්පාවකින් තොරව පහර දුන් ලෝරා සහ ටැස්මින් හතරේ පහර 12 කින් සහ හයේ පහර 2 කින් ශ්‍රී ලාංකික පන්දු යවන්නියන්ට සංග්‍රහ කළහ. ටැස්මින් බි්‍රට්ස් තරගය අවසන් කළේ කණ්ඩායමේ ජයග්‍රහණය මෙන්ම තමාගේ අර්ධ ශතකයත් සම්පූර්ණ කරමිනි.
චමරි අතපත්තුගේ ප්‍රකාශයේ කිසිදු වරදක් දැකිය නොහැකිය. අය කතා කරන්නේ යථාර්තයයි. එහෙත් කණ්ඩායමක් වශයෙන් අප යා යුත්තේ ඉදිරියට විනා පසුපසට නොවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.