Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ෆෙයාර්ෆස්ට් පිලට ලකුණු 70 ක ජයක්

ෆෙයාර්ෆස්ට් පිලට ලකුණු 70 ක ජයක්

editorial - 2025 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන 10 වැනි ‘සිංගර් කුසලාන’ වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායම සහ හේලීස් සමූහ ‘ඒ’ කණ්ඩායම අතර පැවැති මූලික වටයේ තරගයෙන් ලකුණු 70 ක ජයක් වාර්තා කිරීමට ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායමට ඕවර 15.4 ක් අවසානයේ සියලු දෙනා දැවී දැවී ලබාගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. නිමේෂ් විමුක්ති, දිලුම් සුදීර, තනුක දාබරේ සහ සෙනිත හැළඹගේ කඩුලු 2 බැගින් බිඳහෙළමින් හේලීස් සමූහ ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 169 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු තනුක දාබරේ පන්දු 25 කින් ලකුණු 50 ක් රැස්කළේ හයේ පහර 7 ක් සමගිනි. නිමේෂ් විමුක්ති පන්දු 12 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 34 ක් රැස්කළේය. 


ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 169 
(තනුක දාබරේ 50, ගවිරු සෙන්හස් 22, අනුක ප්‍රනාන්දු 22, මෝදිත රණතුංග 15, ගයන වීරසිංහ නොදැවී 15, නිමේෂ් විමුක්ති නොදැවී 34) 

හේලීස් සමූහ පිල - ඕවර 15.4 සියලු දෙනා දැවී 99   
(සධීර සමරවික්‍රම 17, කවිෂ්ක අංජුල 19, කළණ පෙරේරා 20, නිමේෂ් විමුක්ති 08/2, දිලුම් සුදීර 16/2, තනුක දාබරේ 22/2, සෙනිත හැළඹගේ 26/2) 


අදහස් (0)

ෆෙයාර්ෆස්ට් පිලට ලකුණු 70 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.