Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචිය ඇරඹේ

විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචිය ඇරඹේ

editorial - 2022 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මස පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචිය ඊයේ (14 වැනිදා) ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

විදේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර කාණ්ඩාය යටතේ රූබී, සෆායා, ඩයමන්ඞ් ‘ඒ’ සහ ‘බී’, ප්ලැටිනම් යන වර්ගීකරණ 5 ක් යටතේ ලියාපදිංචි වීමට අවස්ථාව එහිදී හිමිවේ.

රූබී සහ සෆායා කාණ්ඩ වර්ගීකරණය යටතේ වෙන්දේසියට ලියාපදිංචි වන ජාත්‍යන්තර ක්‍රීඩකයන් ඔවුන්ගේ අදාළ ජාතික ක්‍රිකට් සම්මේලනය හෝ මණ්ඩලය තුළ ලියාපදිංචි ක්‍රිකට් ක්‍රීඩකයන් වීම හෝ ජාත්‍යන්තර මට්ටමින් තම රට නියෝජනය කර තිබිය යුතු අතර ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයන් විය යුතුය.

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය සඳහා ලියාපදිංචි වන අනෙකුත් ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලිට සහභාගිවී තිබීම හෝ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ පූර්ණ හෝ ආශ්‍රිත සාමාජිකයෙකු විසින් අනුමත කරන ලද මුදල් පදනම් කරගත් විස්සයි20 ක්‍රිකට් ලීගයක ක්‍රීඩා කර තිබිය යුතුය. 

මේ මස 23 වැනි දින මධ්‍යහන 12.00 ට හෝ ඊට පෙර පහත ලබා දී ඇති වෙබ් ලිපිනය භාවිත කිරීමෙන් ක්‍රීඩකයන්ට වෙන්දේසිය සඳහා ඔවුන්ගේ නම් ලියාපදිංචි කළ හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය විස්සයි20 තරඟාවලිය වන 3 වැනි ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ජූලි 31 සිට අගෝස්තු 21 දක්වා පැවැත්වේ. තරගාවලිය කොළඹ ආර්.ප්‍රේමදාස සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

 


අදහස් (0)

විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචිය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.