Last Update  :  2026-01-07 11:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ලසිත් - අසිත සී.සී.සී. පිල දිනවති
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

ලසිත් - අසිත සී.සී.සී. පිල දිනවති

editorial - 2026 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතිය යටතේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට සී.සී.සී. ක්‍රීඩා සමාජය ඊයේ (4 වැනිදා) විය. සී.සී.සී. ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී. ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ලසිත් කෲස්පුල්ලේ පන්දු 81 කින් ලකුණු 128 ක් රැස්කළේ හයේ පහර 8 ක් සහ හතරේ පහර 12 ක් සමගිනි. නිෂාන් මධුෂ්ක (නොදැවී 54) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 184 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලසිත් සමත් විය. 

දෙවැනි දිනය වූ පෙරේදා (3 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටි මේරියන්ස් කණ්ඩායමට ඉතිරි කඩුලු 2 ත් අහිමි කරගනිමින් අවසන් දිනයේදී සිය පළමු ඉනිමට එක්කර ගත හැකි වූයේ ලකුණු 22 ක් පමණි. එහිදී හිරාන් ජයසුන්දර පන්දු 82 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සමග ලකුණු 54 ක් රැස්කළේය.

පළමු ඉනිමේදී ලකුණු 31 කට කඩුලු 4 ක් දවාගත් අසිත ප්‍රනාන්දු, දෙවැනි ඉනිමේදී ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 40 කට කඩුලු 4 ක් බිඳහෙළුවේ මේරියන්ස් පන්දු යවන්නන් අසරණ කරමිනි. එහිදී අසිතට අනගි සහායක් දුන් නිෂාන් පීරිස් ඉනිම් දෙකේදී කඩුලු 5 ක්ද, සොනාල් දිනූෂ ඉනිම් දෙකේදී කඩුලු 4 ක්ද බිඳහෙළුෑහ. 


හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 185  
(තරිඳු අමරසිංහ 47, හිරාන් ජයසුන්දර 28, කසුන් විදුර 46, අසිත ප්‍රනාන්දු 31/4, සොනාල් දිනූෂ 33/2, නිෂාන් පීරිස් 35/2) 

සී.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 167 
(ලසිත් කෲස්පුල්ලේ 27, සොනාල් දිනූෂ 61, සහන් කෝසල 20, තික්ෂිල ද සිල්වා 68/4, මෙලන් හසංක 18/3)

හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 177 
(තරිඳු අමරසිංහ 27, හිරාන් ජයසුන්දර 54, කසුන් විදුර නොදැවී 26, අසිත ප්‍රනාන්දු 40/4, නිෂාන් පීරිස් 46/3, සොනාල් දිනූෂ 38/2) 

සී.සී.සී. දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 196 
(ලසිත් කෲස්පුල්ලේ 128, නිෂාන් මධුෂ්ක නොදැවී 54) 

 


අදහස් (0)

ලසිත් - අසිත සී.සී.සී. පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.