Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic යුද හමුදා පිල අවසන් මහ තරගයට

යුද හමුදා පිල අවසන් මහ තරගයට

editorial - 2022 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට යුදහමුදා පිල සමත්විය. පී.සරා ඕවල්හිදී අද (15 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී සැරසන්ස් පිලට එරෙහිව ලකුණු 52 ක ජයක් හිමිකර ගැනීමට යුදහමුදා පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය සැරසන්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 117 ක් පමණි.

ප්‍රමෝද් මදුවන්ත නොදැවී ලකුණු 37 ක් සහ ආකාෂ් සේනාරත්න ලකුණු 29 ක් ලබාගත්තද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔව්හූ අපොහොසත් වූහ.

ලක්ෂාන් එදිරිසිංහ, සීකුගේ ප්‍රසන්න සහ යශෝධ මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවාගනිමින් පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් යුදහමුදා පිල ඕවර 20 අවසනායේ කඩුලු 7 ක් දැවී ලකුණු 169 ක් රැස්කිරීමට සමත්විය.

එහිදී වේගවත් පිතිහරඹයක නිරතවූ නායක තිසර පෙරේරා පන්දු 26 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 50 ක් ලබාගනිමින් යුදහමුදා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය. සීකුගේ ප්‍රසන්න ලකුණු 39 ක් සහ ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 27 ක් ලබාගැනීමට සමත්වූහ.

සිය ඕවර 4 ලකුණු 25 කට සීමා කළ ඉසිත විජේසුන්දර කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

යුදහමුදාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 169
(සීකුගේ ප්‍රසන්න 39, ලක්ෂාන් එදිරිසිංහ 27, තිසර පෙරේරා නොදැවී 50, ඉසිත විජේසුන්දර 25/3)

සැරසන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 117
(ප්‍රමෝද් මදුවන්ත නොදැවී 37, ආකාෂ් සේනාරත්න 29, ලක්ෂාන් එදිරිසිංහ 08/2, සීකුගේ ප්‍රසන්න 16/2, යශෝධ මෙන්ඩිස් 33/2)


අදහස් (0)

යුද හමුදා පිල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.