Last Update  :  2026-01-26 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic බදුරලිය පිලට කඩුලු 9 ක ජයක්
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

බදුරලිය පිලට කඩුලු 9 ක ජයක්

editorial - 2026 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජය අද (25 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 16 ඕවර 1.5 ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලබාගැනීමට බදුරලිය ක්‍රීඩකයෝ සමත් වූහ. බුද්ධික සංජීව කඩුලු 7 ක්ද, කේෂර නුවන්ත සහ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 6 බැගින්ද බිඳහෙළමින් බදුරලිය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ. 

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදුන් නුගේගොඩ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 243 ක් ලබාගත්තේය. එහිදී ප්‍රමුද් හෙට්ටිවත්ත සහ අක්‍රම් මුතාලිබ් ලකුණු 70 බැගින් රැස්කළ අතර ප්‍රමුද්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින්ද, අක්‍රම්ගේ ඉනිම හතරේ පහර 4 කින්ද සමන්විත විය. 

බදුරලිය කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට දිල්ෂාන් ද සොයිසා (145) සමත් වූ අතර ඔහුගේ පිතිහරඹය හේතුවෙන් සිය පළමු ඉනිම සඳහා ලකුණු ලකුණු 417 ක් ලබාගැනීමට බදුරලිය කණ්ඩායමට හැකි විය. එහිදී රොෂාන් විජේනායක (55), ගීත් කුමාර (62), සුමින්ද ලක්ෂාන් (59) සහ අලංකාර අසංක (62) අර්ධ ශතක ලබමින් බදුරලිය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.  


බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 417 
(රොෂාන් විජේනායක 55, දිල්ෂාන් ද සොයිසා 145, ගීත් කුමාර 62, සුමින්ද ලක්ෂාන් 59, අලංකාර අසංක 62, මධුක ලියනපතිරණ 97/3, නිපුන් මාලිංග 108/3, අනුක් ප්‍රනාන්දු 72/2, ලොහාන් ද සොයිසා 77/2) 

නුගේගොඩ පළමු ඉනිම - සියලු දෙනා දැවී 189 
(අවිෂ්ක පෙරේරා 38, ප්‍රමුද් හෙට්ටිවත්ත 43, මධුක ලියනපතිරණ 20, අක්‍රම් මුතාලිබ් නොදැවී 56, බුද්ධික සංජීව 54/5, මාලින්ද පුෂ්පකුමාර 80/4) 

නුගේගොඩ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 243 
(පුලින්ද පෙරේරා 21, ප්‍රමුද් හෙට්ටිවත්ත 70, අක්‍රම් මුතාලිබ් 70, කේෂර නුවන්ත 58/4, සුමින්ද ලක්ෂාන් 27/3, බුද්ධික සංජීව 81/2) 

බදුරලිය දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 16 


අදහස් (0)

බදුරලිය පිලට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.