Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic පිතිකරුවෝ යාපනය පිල දිනවති
ජාතික සුපිරි ලීගය

පිතිකරුවෝ යාපනය පිල දිනවති

editorial - 2024 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ යාපනය කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ඊයේ (3 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 289 ක ඉලක්කයක් හඹාගිය යාපනය ක්‍රීඩකයෝ ඕවර 48.3 ක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි (50) සහ නිෂාන් මධුෂ්ක (58) අර්ධ ශතක ලබාගත් අතර නායක ජනිත ලියනගේ පන්දු 63 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 80 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. 

පන්ඳු 35 කට මුහුණදුන් සඳුන් වීරක්කොඩි හතරේ පහර 10 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 58 කදී වාර්තා වූ නිෂාන් මධුෂ්කගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය. නිපුන් කරුණානායක පන්දු 79 කින් ලකුණු 44 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 288 ක් ලබාගත් අතර පැතුම් කුමාර (59) සහ දුනිත් වෙල්ලාලගේ (52) අර්ධ ශතක ලබාගනිමින් ගාල්ල ඉනිම සවිමත් කළහ. ආරම්භක පිතිකරු ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 74 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු සංඛ්‍යාව 45 කි. 

ලකුණු 142 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පැතුම් සහ දුනිත් සමත් වූහ. පන්දු 60 කදී වාර්තා වූ පැතුම්ගේ ඉනිමට හතරේ පහර 4 ක්ද, පන්දු 57 කදී වාර්තා වූ දුනිත්ගේ ඉනිමට හතරේ පහර 3 ක්ද ඇතුළත් විය.

 
ගාල්ල පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 288 
(ෂෙහාන් ප්‍රනාන්දු 45, සොහාන් ලිවේරා 19, ධනංජය ලක්ෂාන් 32, පැතුම් කුමාර 59, දුනිත් වෙල්ලාලගේ 52, රමේෂ් මෙන්ඩිස් නොදැවී 29, රවිඳු ප්‍රනාන්දු 33/2) 

යාපනය පිල - ඕවර 48.3 කදී කඩුලු 6 ක් දැවී 289
(සඳුන් වීරක්කොඩි 50, නිෂාන් මධුෂංක 58, නිපුන් කරුණානායක 44, ජනිත ලියනගේ 80, රොන් චන්ද්‍රගුප්ත 22, රමේෂ් මෙන්ඩිස් 47/2) 


අදහස් (0)

පිතිකරුවෝ යාපනය පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.