Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පානදුර ක්‍රීඩා සමාජය අද (12 වැනිදා) සමත් විය. ඔවුන් අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ කොල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 34 ක ජයක් වාර්තා කරමිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 134 ක ඉලක්කයක් හඹාගිය කොල්ට්ස් ක්‍රීඩකයන්ට ඕවර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ විෂේන් හැළඹගේ ලකුණු 13 කට කඩුලු 4 ක්ද, සහන් මිහිර ලකුණු 23 කට කඩුලු 4 ක්ද බිඳහෙළමින් කෝල්ට්ස් කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු සුනුවිසුනු කර දමූහ.
කෝල්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු සංගීත් කුරේ පන්දු 28 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක් රැස්කළ අතර හිරුණ ගාල්ලගේ පන්දු 16 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක් රැස්කළේය. කෙසේ වුවත් ඔවුන්ට තරගය ජය ගැනීම සඳහා එම දස්කම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පානදුර ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 133 ක් ලබාගත්හ. එහිදී නිමේෂ් විමුක්ති පන්දු 25 කින් ලකුණු 29 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි. නිසල තාරක පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක් රැස්කළේය. කෝල්ට්ස් නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 3 ක් දවාගත්තේ සිය ඕවර 4 ලකුණු 10 කට සීමා කරමිනි.
පානදුර පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 133
(විෂේන් හැළඹගේ 16, නිසල තාරක 23, නිමේෂ් විමුක්ති 29, දුනිත් වෙල්ලාලගේ 10/3, මුදිත ලක්ෂාන් 19/2)
කෝට්ස් පිල - ඕවර 16.4 කදී සියලු දෙනා දැවී 99
(සංගීත් කුරේ 32, රන්දුනු ගංඟානාත් 15, හිරුණ ගාල්ලගේ 20, දුනිත් වෙල්ලාලගේ 17, විෂේන් හැළඹගේ 13/4, සහන් මිහිර 23/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.