Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ප්‍රධානතම එක්දින තරගාවලිය 27 දා සිට
අන්තර් සමාජ ක්‍රිකට්

ප්‍රධානතම එක්දින තරගාවලිය 27 දා සිට

editorial - 2025 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ අතර පැවැත්වෙන ප්‍රධානතම එක්දින තරගාවලිය මේ මස 27 වැනිදා ආරම්භ වෙයි. මූලික වටයේදී කාණ්ඩ දෙකකින් යුතුව පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 14 කි. 

මූලික තරග වටයෙන් පසුව, එක් එක් කාණ්ඩයේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර අවසන් පූර්ව තරග පැවැත්වෙයි. අවසන් පුර්ව තරග ජූලි මස 25 වැනිදා පැවැත්වේ. අවසන් මහ තරගය ජූලි 29 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතත් අතර ජූලි 30 වැනිදා වර්ෂාව වෙනුවෙන් වෙන්කර තිබේ. 

පසුගිය වසරේදී ප්‍රධානතම පළමු පෙළ තරගාවලියෙන් පහළට වැටීම හේතුවෙන් මේ වසරේ ප්‍රධානතම එක්දින තරගාවලිය සඳහා එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහභාගි නොවේ. 


‘ඒ’ කාණ්ඩය
ඒස්. කැපිටල් ක්‍රීඩා සමාජය, එන්.සී.සී. ක්‍රීඩා සමාජය, බදුරළිය ක්‍රිකට් සමාජය, ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය

‘බී’ කාණ්ඩය
කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී.), මුවර්ස් ක්‍රීඩා සමාජය, බී.ආර්.සී ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය


අදහස් (0)

ප්‍රධානතම එක්දින තරගාවලිය 27 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.