Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic පන්දු යවන්නෝ මුවර්ස් පිල දිනවති

පන්දු යවන්නෝ මුවර්ස් පිල දිනවති

editorial - 2025 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මුවර්ස් ක්‍රීඩා සමාජය අද (12 වැනිදා) සමත් විය. ඔවුන් අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 41 ක පහසු ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයන්ට ඕවර 17.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් ජයවික්‍රම සිය ඕවර 4 ලකුණු 21 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර නායක රමේෂ් මෙන්ඩිස් සහ ශිරාන් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳහෙළමින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 55 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 74 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය. පිතිකරුවන් 8 දෙනකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගැනීම බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට විශාල පාඩුවක් විය. 

කාසියේ වාසිය දිනූ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුවර්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 156 ක් ලබාගත්හ. හයවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිස මුවර්ස් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 17 කින් ලකුණු 26 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. 

ආරම්භක පිතිකරු ලසිත් අබේරත්න පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 30 ක්ද, සදීර සමරවික්‍රම පන්දු 22 කදී හතරේ පහරක් සමග ලකුණු 24 ක්ද, ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද රැස්කරමින් මුවර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

මුවර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 156 
(ඔමේෂ් මෙන්ඩිස් 18, ලසිත් අබේරත්න 26, සදීර සමරවික්‍රම 24, සිහාර ගිම්හාන් 14, රමේෂ් මෙන්ඩිස් නොදැවී 26, ෂෙහාන් ප්‍රනාන්දු 26, ජෙෆ්රි වැන්ඩසේ 20/3, ඒෂාන් මාලිංග 38/2)

බ්ලූම්ෆීල්ඩ් පිල - ඕවර 17.3 කදී සියලු දෙනා දැවී 115 
(රොන් චන්ද්‍රගුප්ත 74, ප්‍රවීන් ජයවික්‍රම 21/3, රමේෂ් මෙන්ඩිස් 14/2, ශිරාන් ප්‍රනාන්දු 25/2)

 


අදහස් (0)

පන්දු යවන්නෝ මුවර්ස් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.