Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic නිෂාන් - තුෂාර - උදාන සී.සී.සී. පිල දිනවති
අන්තර් සමාජ වි20

නිෂාන් - තුෂාර - උදාන සී.සී.සී. පිල දිනවති

editorial - 2025 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සී.සී.සී. ක්‍රීඩා සමාජය අද (11 වැනිදා) සමත් විය. ඔවුන් අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ බී.අර්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 17 ක ජයක් වාර්තා කරමිනි.

වර්ෂාව හේතුවෙන් බී.ආර්.සී. කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ඕවර 5 කදී ලකුණු 57 ක ඉලක්කයක් හිමි වූ අතර එහිදී ඔවුන්ට කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 39 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ ඉසුරු උදාන ලකුණු 15 කට කඩුලු 3 ක්ද, නුවන් තුෂාර ලකුණු 13 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් බී.ආර්.සී. කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

කාසියේ වාසිය දිනූ බී.ආර්.සී. කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සී.සී.සී. ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්හ. සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක පන්දු 50 කින් ලකුණු 79 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

එහිදී ලසිත් කෲස්පුල්ලේ (35) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නිෂාන් සමත් විය. පන්දු 24 කදී වාර්තා වූ ලසිත්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. වනිඳු හසරංග පන්දු 12 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක්ද, වතුරංග ද සිල්වා පන්දු 14 කදී හයේ පහරක් සමග නොදැවී ලකුණු 19 ක්ද රැස්කළහ.

 

සී.සී.සී. පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 179
(නිෂාන් මධුෂ්ක 79, ලසිත් කෲස්පුල්ලේ 35, වනිඳු හසරංග 19, පවන් සන්දේෂ් 12, චතුරංග ද සිල්වා නොදැවී 19, චාමික හීනටිගල 22/3)

බී.ආර්.සී. පිල - ඕවර 5 කදී කඩුලු 5 කට 39
(මර්වින් අබිනාෂ් නොදැවී 11, ඉසුරු උදාන 15/3, නුවන් තුෂාර 13/2)

 


අදහස් (0)

නිෂාන් - තුෂාර - උදාන සී.සී.සී. පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.