
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ මේජර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ ඊයේ (23 වැනිදා) පැවැති තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් සිය කණ්ඩායමට ලකුණු 76 ක ජයක් අත්කර දීමට බදුරලිය කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක නිර්මල රත්නායක සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 218 ක ඉලක්කයක් හඹාගිය බී.ආර්.සී. කණ්ඩායමට නිර්මල ප්‍රමුඛ බදුරලිය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීඹ හමුවේ ඕවර 37.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිර්මල නිලකුණු ඕවර 2 ක්ද සමග ඕවර 8 ක් යවමින් ලකුණු 13 කට කඩුලු 4 ක් බිඳහෙළීය.
ඊයේ දිනයේදී තවත් මූලික වටයේ තරග 8 ක් පැවැති අතර එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට සෙබස්තියනයිට්ස්, රාගම, කෝල්ට්ස්, මුවර්ස්, පානදුර, එන්.සී.සී., හලාවත මේරියන්ස් සහ එස්.එස්.සී. කණ්ඩායම් සමත් විය. එම තරගවලදී පිළිවෙලින් ද්‍රවිඩ සංගම්, ගාල්ල, මීගමුව, කුරුණෑගල යොවුන්, යුද හමුදා, මහනුවර රේගු, බ්ලූම්ෆීල්ඩ් සහ නුගේගොඩ යන කණ්ඩායම් පරාජයට පත් විය.
රාගම පිලේ යොහාන් ලියනගේ (58), සන්තුෂ් ගුණතිලක (61), ජනිත් ලියනගේ (62), ගාල්ල පිලේ විශ්ව විජේරත්න (59), ඕෂධ ප්‍රනාන්දු (89), ඉරෝෂ් සමරසූරිය (88), එන්.සී.සී. පිලේ පැතුම් නිස්සංක (90), ළහිරු උදාර (52), කමිල් මිෂාර (76), මහනුවර රේගු පිලේ තෙවිඳු දික්වැල්ල (71), හසිත නිර්මාල් (58), ද්‍රවිඩ සංගම් පිලේ රොන් චන්ද්‍රගුප්ත (68), රවිඳු ප්‍රනාන්දු (52), හලාවත මේරියන්ස් පිලේ ලක්ෂිත ලක්ෂාන් (53), රවීන් යසස් (54) එහිදී අර්ධ ශතක ලබාගත්හ.
ඔවුන්ට අමතරව බදුරලිය පිලේ පර්වේස් රසූල් (57), බී.ආර්.සී. පිලේ (දුලාෂ් උදයංග 60), මීගමුව පිලේ පසිඳු ලක්ෂාන් (61), කෝල්ට්ස් පිලේ ෂෙරාන් ෆොන්සේකා (51), මුවර්ස් පිලේ සොහාන් ද ලිවේරා (නොාදැවී 50), එස්.එස්.සී. පිලේ නුවනිඳු ප්‍රනාන්දු (50) සහ නුගේගොඩ පිලේ කෙවින් පෙරේරා (55) ද අර්ධ ශතක ලබාගත් අතර සෙබස්තියනයිට්ස් පිලේ තුලින දිල්ෂාන් සහ හලාවත මේරියන්ස් පිලේ පුලින තරංග කඩුලු 5 බැගින් දවාගත්හ.
ඊයේ (23 වැනිදා) පැවැති තරගවල ලකුණු සාරාංශයන්
කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
බදුරලිය පිලට ලකුණු 76 ක ජයක්
බදුරලිය පිල - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 217
(අයන සිරිවර්ධන 44, රනේෂ් සිල්වා 48, පර්වේස් රසූල් 57, දුනිත් ජයතුංග 17, රොහාන් සංජය 15, දුෂාන් හේමන්ත 44/3, මොහොමඩ් සිරාස් 49/3, ලක්ෂාන් ගමගේ 34/2)
බී.ආර්.සී. පිල - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 141
(ලියෝ ප්‍රැන්සිස්කෝ 26, දුලාෂ් උදයංග 60, භානුක රාජපක්ෂ 19, නිර්මල රත්නායක 14/4, සසංක නිර්මාල් 25/2, පර්වේස් රසූල් 48/2)
කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
සෙබස්තියනයිට්ස් පිලට කඩුලු 5 ක ජයක්
ද්‍රවිඩ සංගම් පිල - ඕවර 42 කදී සියලු දෙනා දැවී 169
(රොන් චන්ද්‍රගුප්ත 68, රවිඳු ප්‍රනාන්දු 52, සිතාර හපුහින්න 18, තුලින දිල්ෂාන් 20/5, තරිඳු රත්නායක 28/2)
සෙබස්තියනයිට්ස් පිල - ඕවර 27.1 කදී කඩුලු 5 ක් දැවී 170
(තුලින දිල්ෂාන් 32, ඉසිවර දිසානායක 25, දුෂාන් විමුක්ති 23, ප්‍රමෝද් මධුවන්ත 22, තෙවිඳු සෙනවිරත්න නොදැවී 29, දිලුම් සුදීර 46/3)
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
රාගම පිලට ලකුණු 23 ක ජයක්
රාගම පිල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 309
(යොහාන් ලියනගේ 58, සන්තුෂ් ගුණතිලක 61, ජනිත් ලියනගේ 62, අවිෂ්ක තරිඳු 26, රන්මිත් ජයසේන 26, නිපුන් මාලිංග 23, තරිඳු ගුරුගේ 48/3, චානක දේවින්ද 55/3, මිහිරංග සිල්වා 78/2)
ගාල්ල පිල - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 286
(විශ්ව විජේරත්න 59, ඕෂධ ප්‍රනාන්දු 89, ඉරෝෂ් සමරසූරිය 88, සංජුල බණ්ඩාර 40/3, නිපුන් මාලිංග 43/2)
කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පිලට කඩුලු 5 ක ජයක්
මීගමුව පිල - ඕවර 42 කදී සියලු දෙනා දැවී 160
(පසිඳු ලක්ෂාන් 61, හිමාෂ ලියනගේ 27, උමේෂ් සඳරුවන් 20, නිෂාන් පීරිස් 22, මුදිත ලක්ෂාන් 14/3, අකිල ධනංජය 37/3, ඩිල්ෂාන් මධුෂංක 42/3)
කෝල්ට්ස් පිල - ඕවර 44.5 කදී කඩුලු 5 ක් දැවී 161
(යෂෝධ ලංකා 19, ෂෙරාන් ෆොන්සේකා 51, හෂාන් දුමිඳු 45, දුනිත් වෙල්ලාලගේ නොදැවී 34)
කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී
මුවර්ස් පිලට කඩුලු 6 ක ජයක්
කුරුණෑගල යොවුන් පිල - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 154
(අමේෂ් තෙන්නකෝන් 19, සනෝජ් දර්ෂික 43, අසාන්ත බස්නායක 45, ළහිරු සමරකෝන් 30/4, තීසාන් විතුෂාන් 19/3, මිලාන් රත්නායක 30/2)
මුවර්ස් පිල - 27.1 කදී කඩුලු 4 ක් දැවී 160
(ඔමේෂ් මෙන්ඩිස් 37, සොහාන් ද ලිවේරා නොාදැවී 50, රමේෂ් මෙන්ඩිස් නොදැවී 42, චානුක දිල්ෂාන් 32/2)
පානදුර ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී
පානදුර පිලට කඩුලු 2 ක ජයක්
යුද හමුදා පිල - ඕවර 31 කදී සියලු දෙනා දැවී 95
(අෂාන් රන්දික 15, සීක්කුගේ ප්‍රසන්න 22, රජීව වීරසිංහ 21/3, නිමේෂ් විමුක්ති 17/2, හෂේන් රාමනායක 24/2)
පානදුර පිල - ඕවර 33.3 කදී කඩුලු 8 ක් දැවී 97
(හෂේන් රාමනායක 23, රමින්ද විජේසූරිය 35, සුමින්ද ලක්ෂාන් 12/3, සීක්කුගේ ප්‍රසන්න 13/3)
කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. පිලට ලකුණු 76 ක ජයක්
එන්.සී.සී. පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 320
(පැතුම් නිස්සංක 90, ළහිරු උදාර 52, කමිල් මිෂාර 76, සහන් ආරච්චිගේ 46, චාමික කරුණාරත්න නොදැවී 34, මිතුන් ජයවික්‍රම 51/4, නිසල ආකාෂ් 77/2)
මහනුවර රේගු පිල - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 244
(දේෂාන් ඩයස් 39, තෙවිඳු දික්වැල්ල 71, ඉමේෂ් උදයංග 28, හසිත නිර්මාල් 58, සහන් ආරච්චිගේ 41/3, දුෂ්මන්ත චමීර 30/2, මතීෂ පතිරණ 40/2)
මග්ගොන සරේ ක්‍රීඩංගණයේදී
හලාවත මේරියන්ස් පිලට ලකුණු 29 ක ජයක්
හලාවත මේරියන්ස් පිල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 224
(විශ්ව චතුරංග 28, රමේෂ් නිමන්ත 18, ලක්ෂිත ලක්ෂාන් 53, චමෝද් සඳරු 23, රවීන් යසස් 54, කවිඳු නිර්මාන 22, සහන් නානායක්කාර 49/3, ජෙෆ්රි වැන්ඩසේ 33/2, අසිත වන්නිනායක 35/2, ළහිරු මධුෂංක 53/2)
බ්ලූම්ෆීල්ඩ් පිල - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 195
(හසිත බෝයගොඩ 37, අසිත වන්නිනායක 48, නිපුන් කරුණානායක 29, මිනෙත් ප්‍රේමරත්න 28, පුලින තරංග 28/5, රමේෂ් නිමන්ත 28/2, ඉරුෂ්ක තිමිර 40/2)
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. පිලට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 6 ක ජයක්
එස්.එස්.සී. පිල - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 152
(චරිත් අසලංක 16, නුවනිඳු ප්‍රනාන්දු 50, නිසල තාරක 43, සුවත් මෙන්ඩිස් 19/3, ළහිරු ගමගේ 29/3, චලන ද සිල්වා 22/2)
නුගේගොඩ පිල - ඕවර 37 කදී කඩුලු 7 ක් දැවී 125
(කෙවින් පෙරේරා 55, රනිත ලියනාරච්චි නොදැවී 37, නිසල තාරක 23/3, දසුන් ශානක 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.