Last Update  :  2025-09-15 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic නිපුන් ධනංජයගෙන් 106 ශතකයක්

නිපුන් ධනංජයගෙන් 106 ශතකයක්

editorial - 2025 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන 32 වැනි සිංගර් කුසලාන වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ එච්.එන්.බී. කණ්ඩායමට එරෙහිව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (2 වැනිදා) පැවැති තරගයේදී සී.ඩී.බී. ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට නිපුන් ධනංජය (නොදැවී 106) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹායමින් සිටියදී පන්දු 109 කට මුහුණදුන් නිපුන්, හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සිය ශතකය සැරසුවේය. ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ නිපුන්, දක්ෂ දකුණත් මැද පෙළ පිතිකරුවෙකි.
 
එහිදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු (42) සමග පන්දු 128 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නිපුන්, ඉන් නොනැවතී පස්වැනි කඩුල්ල වෙනුවෙන් සොනාල් දිනූෂ (නොදැවී 37) සමග එක්ව පන්දු 94 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

මෙම තරගාවලිය යටතේ ඊයේ පැවැති සෙසු තරගවලදී බී.බී.කේ. පාට්නර්ෂිප් කණ්ඩායමට එරෙහිව පරාජය කිරීමට හේලීස් ‘ඒ’ කණ්ඩායමත්, ෆෙයාර් ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායම පරාජය කිරීමට මැලිබන් බිස්කට් ‘ඒ’ කණ්ඩායමත් සමත් විය. 


එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී 
සී.ඩී.බී. ‘ඒ’ පිලට කඩුලු 6 ක ජයක් 
එච්.එන්.බී. පිල - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 231 
(සිතාර හපුහින්න 15, පවන් සන්දේෂ් 60, සම්මු අෂාන් 16, රන්මිත් ජයසේන 32, චමිඳු විජේසිංහ 21, දුවිඳු රණතුංග 24, ප්‍රමෝද් මධුෂාන් 29/3, ඉසිත විජේසුන්දර 42/3) 

සී.ඩී.බී. ‘ඒ’ පිල - ඕවර 43.4 කදී කඩුලු 4 ක් දැවී 232
(නිපුන් ධනංජය නොදැවී 106, ඕෂද ප්‍රනාන්දු 42, සොනාල් දිනූෂ නොදැවී 37, සිතුම් දිසානායක 43/2) 


මුවර්ස් ක්‍රීඩාංගණයේදී 
හේලීස් ‘ඒ’ පිලට ලකුණු 86 ක ජයක් 
හේලීස් ‘ඒ’ පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 209 
(මිනෝද් භානුක 35, රමේෂ් මෙන්ඩිස් 57, ඉනුක කරන්නාගොඩ 38, කවිෂ්ක අංජුල නොදැවී 24, නේතන් දිලක්ෂන් 25/5, විජයකාන්ත් වියස්කාන්ත් 22/2) 

බී.බී.කේ. පාට්නර්ෂිප් පිල - ඕවර 32.5 කදී සියලු දෙනා දැවී 123 
(නිරෝෂන් දික්වැල්ල 27, නිපුන් කරුණානායක නොදැවී 46, රංජිත්කුමාර් නිව්ටන් 20, ඉනුක කරන්නාගොඩ 19/4, රමේෂ් මෙන්ඩිස් 15/3, ප්‍රභාත් ජයසූරිය 19/2) 


වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී 
මැලිබන් බිස්කට් ‘ඒ’ පිලට කඩුලු 6 ක ජයක් 
ෆෙයාර් ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් පිල - ඕවර 39.2 සියලු දෙනා දැවී 178 
(තනුක දාබරේ 45, ගවිරු සෙන්හස් 17, සොහාන් ද ලිවේරා 43, ගයන වීරසිංහ 23, දිනුර කළුපහන 17, සනෝජ් දර්ෂික 22/3, වනුජ සහන් 48/3, සඳුන් තාරක 35/2) 

මැලිබන් බිස්කට් ‘ඒ’ පිල - ඕවර 37.4 කදී කඩුලු 4 ක් දැවී 179  
(හිරාන් ජයසුන්දර 75, සංගීත් කුරේ 30, ධනංජය ලක්ෂාන් 47, සහන් ආරච්චිගේ නොදැවී 16) 


අදහස් (0)

නිපුන් ධනංජයගෙන් 106 ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.