
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 485 ක ඉලක්කයක් හඹායමින් සිටි දඹුල්ල කණ්ඩායම තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 189 ක් ලබා සිටියේය. ඒ වන විට පවන් රත්නායක හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 71 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.
ලකුණු 145 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ ගාල්ල කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 339 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා දඹුල්ල කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ පසිඳු සූරියබණ්ඩාර (94) සහ නිමේෂ් විමුක්ති (74) අර්ධ ශතක ලබාගත්හ.
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 425
(සංගීත් කුරේ 18, ඕෂධ ප්‍රනාන්දු 22, පසිඳු සූරියබණ්ඩාර 83, විෂාද් රණ්දික නොදැවී 171, නිමේෂ් විමුක්ති 52, මිලාන් රත්නායක 26, දුෂාන් හේමන්ත 103/3, දිල්ෂාන් අබේසිංහ 38/2, සොනාල් දිනූෂ 81/2)
දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 280
(ලසිත් කෲස්පුල්ලේ 51, සොනාල් දිනූෂ 66, චමිඳු විජේසිංහ 59, දුෂාන් හේමන්ත 53, මිලාන් රත්නායක 51/4, උදිත් මධුෂාන් 42/3)
ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 339
(සංගීත් කුරේ 27, ෂෙහාන් ප්‍රනාන්දු 39, සුමින්ද ලක්ෂාන් 39, විෂාද් රන්දික 23, පසිඳු සූරියබණ්ඩාර 94, නිමේෂ් විමුක්ති 74, මොහොමඞ් ශිරාස් 40/2, දුෂාන් හේමන්ත 74/2, සොනාල් දිනූෂ 102/2)
දඹුල්ල දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 189
(මිනෝද් භානුක 25, සනෝජ් දර්ෂික 34, පවන් රත්නායක නොදැවී 71, සොනාල් දිනූෂ 19, චමිඳු විජේසිංහ නොදැවී 20, සුමින්ද ලක්ෂාන් 60/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.