Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic කෝල්ට්ස් පිල අවසන් මහ තරගයට

කෝල්ට්ස් පිල අවසන් මහ තරගයට

editorial - 2022 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට කෝල්ට්ස් පිල සමත්විය. පී.සරා ඕවල්හිදී අද (15 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බි.ආර්.සී පිලට එරෙහිව ලකුණු 67 ක ජයක් හිමිකර ගැනීමට කෝල්ට්ස් පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය බී.ආර්.සී පිලට ඕවර 16.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 61 ක් පමණී.

තිලකරත්න සම්පත් (17) සහ දුෂාන් හේමන්ත (12) ලකුණු 10 සීමාව පසුකිරිමට සමත් වුවද සෙසු පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට කෝල්ට්ස් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අකිළ ධනංජය ලකුණු 03 කට කඩුලු 3 ක් සහ මුදිත ලක්ෂාන් ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගනිමින් බී.ආර්.සී පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ. ධනංජය ලක්ෂාන්, සංගීත් කුරේ, චමෝද් බට්ටගේ සහ විනුජ රන්පුල් එක් කඩුල්ල බැගින් බිඳ දැමූහ.

කාසියේ වාසිය දිනාගත් බී.ආර්.සී පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කෝල්ට්ස් පිලට ඕවර 19.4 කදී සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි.

විශාද් රන්දික පන්දු 30 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 35 ක් ද, හෂාන් දුමිඳු පන්දු 20 කදී හයේ පහරක් සමගින් ලකුණු 22 ක් සහ රවිඳු රසන්ත පන්දු 15 කදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක් ලබාගැනීමට සමත්වූහ.

දුෂාන් හේමන්ත, දුවිඳු තිලකරත්න, තිලකරත්න සම්පත් සහ මල්ක මදුශංක කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කෝල්ට්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර අවසන් මහ තරග 17 වැනිදා උදෑසන පී.සරා ඕවල්හිදී පැවැත්වේ.

කෝල්ට්ස් - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 128
(විශාද් රන්දික 35, රවිඳු රසන්ත 21, හෂාන් දුමිඳු 22, දුෂාන් හේමන්ත 13/2, දුවිඳු තිලකරත්න 13/2, තිලකරත්න සම්පත් 17/2, මල්ක මදුශංක 21/2)

බී.ආර්.සී - ඕවර 16.3 කදී සියලුදෙනා දැවී 61
(අකිළ ධනංජය 03/3, මුදිත ලක්ෂාන් 18/2)


අදහස් (0)

කෝල්ට්ස් පිල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.