Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ ස්ටාර්ස් කණඩායමට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 2 ජයක් වාර්තා කරමින් මෙවර (2022) ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත් විය. යාපනය කණ්ඩායම පිට පිටම එල්.පී.එල්. කිරුළ තමන් සතුකරගත් තෙවැනි අවස්ථාවද මෙය විය.
තරගාවලියේ ශූරතාව දිනාගැනීම වෙනුවෙන් යාපනය කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ත්‍යාග මුදලක් පිරිනැමුණ අතර එය දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් තුන් කෝටි හැටපන් ලක්ෂය ඉක්මවීය. අනු ශූරයන් සඳහා පිරිනැමුණ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 50,000 ක් වූ අතර එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි අසූතුන් ලක්ෂයකට ආසන්න විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය යාපනය ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී පන්දු 4 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. තරග 10 කදී ලකුණු 339 ක් රැස්කළ ඔහු පිට පිටම දෙවැනි වරටත් එල්.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්විය.
ලකුණු 56 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී සධීර සමරවික්‍රම (44) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 49 කින් ලකුණු 72 ක් එක් කිරීමටද අවිෂ්ක සමත් විය. සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ඇන්ජලෝ මැතිව්ස් අතට උඩ පන්දුවක් දෙමින් සධීර දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්වූ අතර ඒ වන විට පන්දු 27 කට මුහුණදී සිටි ඔහු හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සරසා තිබිණ.
මුලු ලකුණු සංඛ්‍යාව 146 ක්ව තිබියදී සිවුවැනි කඩුල්ල ලෙස ශොයිබ් මලික් දැවී යෑමත් සමග තරගයේ පාලනය තම කණ්ඩායම දෙසට හරවා ගත් කොළඹ ක්‍රීඩකයෝ, එතැන් පටන් ලකුණු 16 ඇතුළත තවත් කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් වූහ. කෙසේ වුවත් යාපනය කණ්ඩායම අවසන් කඩුලු 2 ඉතිරිව, ජයග්‍රහණය සඳහා ලකුණු 2 ක් අවශ්‍යව සිටි අවස්ථාවේදී වයිඩ් පන්දුවක් යොමු කළ කසුන් රාජිත ජයග්‍රහණය බන්දේසියක තබා යාපනයට පුජා කළේය.
පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 45 කට සීමා කරමින් රහ්මනුල්ලා ගුර්බාස් පිටියෙන් ඉවත් කළ බෙනී හොවෙල්, යාපනය ලකුණු පුවරුවට තවත් ලකුණු 7 ක් එක්වන විට අෆීෆ් හොසේන්ද (3) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය. යාපනය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් ගුර්බාස්, පන්දු 18 කදී ලබාගත් ලකුණු 36 ට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ ස්ටාර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් ලබා ගත්තේය. තරමක් මන්දගාමී ලෙස සිය ඉනිම ඇරඹූ රවී බොපාරා, අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 33 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 47 ක් රැසකරමින් කොළඹ කණ්ඩායම සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය.
කඩුල්ලක් දවාගනිමින් කොළඹ ඉනිමේ පළමු ඕවර 2 ලකුණු 3 කට සීමා කිරීමට නායක තිසර පෙරේරා සහ බිනුර ප්‍රනාන්දු සමත් වුවද, චරිත් අසලංක සමග එක්ව අධිවේගී ඕවර 6 නිමාවන විට සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 55 ක් දක්වා ඔසවා තැබීමට දිනේෂ් චන්දිමාල් සමත් වූයේ තෙවැනි, සිවුවැනි සහ හයවැනි ඕවරවලදී ලකුණු 15 බැගින් රැස්කරමිනි.
දිනේෂ් චන්දිමාල් (49) සහ චරිත් අසලංක (31) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ගොඩනැගූ ලකුණු 75 ක අගනා සම්බන්ධතාව නිමාවට පත්වූයේ දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ සීමා ඉරියෙන් ඉදිරියට පැන අසංලක ගැසූ පහරකින් ඉහළ ගිය පන්දුව ෂෝට් තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි විජයකාන්ත් වියස්කාන්ත්ගේ දෑත් අතර සිරවීම හේතුවෙනි. ඒ වන විට පන්දු 23 කට මුහුණදී සිටි අසලංකගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3ක් ඇතුළත් වී තිබිණ.
අසලංකගේ දැවී යෑමෙන් පසුව තරගයේ පාලනය සියතට ගත් යාපනය පන්දු යවන්නෝ, 10 වැනි ඕවරය ලකුණු 4 කටද, 11 වැනි ඕවරය එක් ලකුණකටද සීමා කරමින් කොළඹ පිතිකරුවන් පීඩනයට පත් කළහ. ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමීමට ගත් උත්සාහයකදී චන්දිමාල් අර්ධ ශතකය පෙනි පෙනී දුවද්දී දැවී යෑමකට හසුවූයේද එහි අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි. පන්දු පන්දු 40 කදී වාර්තා වූ චන්දිමාල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
තරගාවලිය පුරා තරග නැරඹීම සඳහා එතරම් ප්‍රේක්ෂක පිරිසක් එක්රැස් නොවුණද අවසන් මහ තරගය නැරඹීම සඳහා 20,000 ඉක්මවූ ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියහ. පූර්ව දැනුම් දීමකින් තොරව ක්‍රීඩාංගණයේ සියලු දොරටු නරඹන්නන් වෙනුවෙන් විවෘත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීමත් සමග ක්‍රීඩාංගණයේ අස්සක් මුල්ලක් නෑර නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ගියේය.
කොළඹ ස්ටාර්ස් පිල
නිෂාන් මධුෂංක - ඇ.සධීර ප.තිසර 1
දිනේෂ් චන්දිමාල් - දුවද්දී දැවී ගියා 49
චරිත් අසලංක - ඇ.වියස්කාන්ත් ප.වෙල්ලාලගේ 31
රවී බොපාරා - නොදැවී 47
ඇන්‍ජලෝ මැතිව්ස් - ප.තීක්ෂණ 12
මොහොමඩ් නබී - ඇ.සධීර ප.බිනුර 15
බෙනී හොවෙල් - නොදැවී 1
අතිරේක 7
එකතුව ඕවර 20 කදී කඩුලු 5 කට 163
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
සීක්කුගේ ප්‍රසන්න, ඩොමිනික් ඩ්‍රේක්ස්, සුරංග ලක්මාල් සහ කසුන් රාජිත
කඩුලු වැටීම :
1-02(මධුෂංක), 2-77(අසලංක), 3-90(චන්දිමාල්), 4-114(මැතිව්ස්), 5-159(නබී)
පන්දු යැවීම :
තිසර පරේරා 2-0-16-1, බිනුර ප්‍රනාන්දු 4-0-48-1, මහීෂ් තීක්ෂණ 4-0-34-1, සමාන් ඛාන් 2-0-21-0, විජයකාන්ත් වියස්කාන්ත් 4-0-24-0, දුනිත් වෙල්ලාලගේ 4-0-18-1
යාපනය කිංග්ස් පිල
රහ්මනුල්ලා ගුර්බාස් - ඇ.රාජිත ප.හොවෙල් 36
අවිෂ්ක ප්‍රනාන්දු - ඇ.පරණවිතාන ප.ලක්මාල් 50
අෆීෆ් හොසේන් - ඇ.මැතිව්ස් ප.හොවෙල් 3
සධීර සමරවික්‍රම - ඇ.මැතිව්ස් ප.ලක්මාල් 44
ෂොයිබ් මලික් - ප.ලක්මාල් 10
දුනිත් වෙල්ලාලගේ - ඇ. සහ ප.නබී 2
තිසර පෙරේරා - ඇ.ඩ්‍රේක්ස් ප.රාජිත 6
මහීෂ් තීක්ෂණ - දුවද්දී දැවී ගියා 1
බිනුර ප්‍රනාන්දු - නොදැවී 4
විජයකාන්ත් වියස්කාන්ත් - නොදැවී 0
අතිරේක 8
එකතුව ඕවර 19.2 කදී කඩුලු 8 කට 164
පන්දුවට පහර නොදුන් පිතිකරුවා :
සමාන් ඛාන්
කඩුලු වැටීම :
1-49(ගුර්බාස්), 2-56(අෆීෆ්), 3-128(සධීර), 4-146(මලික්), 5-149(වෙල්ලාලගේ), 6-153(අවිෂ්‍ක), 7-154(තීක්ෂණ), 8-162(තිසර)
පන්දු යැවීම :
කසුන් රාජිත 3.2-0-27-1, මොහොමඩ් නබී 4-0-42-1, සීක්කුගේ ප්‍රසන්න 0.4-0-11-0, රවී බොපාරා 1.2-0-14-0, බෙනී හොවෙල් 3-0-17-2, චරිත් අසලංක 2-0-15-0, ඩොමිනික් ඩ්‍රේක්ස් 2-0-14-0, සුරංග ලක්මාල් 3-0-23-3
ඡායාරූප - කුෂාන් පතිරාජ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.