Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය අද (11 වැනිදා) සමත් විය. ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් ඔවුහු අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.
වර්ෂාව හේතුවෙන් එන්.ආර්.සී. කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ඕවර 5 කදී ලකුණු 55 ක ඉලක්කයක් හිමි වූ අතර ඕවර 4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඔවුහු ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකරු ජීවක සෂින් පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 167 ක් ලබාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ පන්දු 30 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 62 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
එහිදී විහස් තෙව්මික (25) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද භානුක සමත් විය. පන්දු 28 කදී වාර්තා වූ විහස්ගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් විය. සිනෙත් ජයවර්ධන පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද, ළහිරු සමරකෝන් පන්දු 17 කදී හයේ පහරක් සමග නොදැවී ලකුණු 19 ක්ද රැස්කළහ.
ද්‍රවිඩ සංගම් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 167
(මිනෝද් භානුක 12, සිනෙත් ජයවර්ධන 17, භානුක රාජපක්ෂ 62, විහස් තෙව්මික 25, ළහිරු සමරකෝන් නොදැවී 19, සචිත ජයතිලක නොදැවී 12, කමිල් මිෂාර 10/2, සහන් ආරච්චිගේ 16/2)
එන්.සී.සී. පිල - ඕවර 4 කදී කඩුලු 2 කට 55
(ජීවක සෂින් 24, නිරෝෂන් දික්වැල්ල 15, චාමික කරුණාරත්න නොදැවී 12)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.