
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ 6 ක් තරග අද (19 වැනිදා) ආරම්භ වූ අතර එහිදී හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව අගනා ශතකයක් වාර්තා කිරීමට පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර (121) සමත් විය.
තෙවැනි සතියේ තරගවල පළමු දිනයේදී පිතිකරුවකු ලබාගත් එකම ශතකය එය වූ අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය. එහිදී ප්‍රියමාල් පෙරේරා (69) සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 90 ක්ද, විෂාද් රන්දික (41) සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 78 ක්ද, චතුරංග කුමාර (46) සමග එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 115 ක්ද එක් කිරීමට අෂේන් සමත් විය.
ප්‍රියමාල්ට අමතරව බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ජනිත් ලියනගේ (56) කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිවත්, එන්.සී.සී. කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ (97) සහ කවින් බණ්ඩාර (නොදැවී 67) මුවර්ස් කණ්ඩායමට එරෙහිවත්, බදුරලිය කණ්ඩායමේ රොෂාන් විජේනායක (50) සහ රුමේෂ් බුද්ධික (76) කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිවත් අද දිනයේදී අර්ධ ශතක ලැබූහ.
අද දිනයේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුරුණෑගල යොවුන් කණ්ඩායමේ චාමික එදිරිසිංහ බදුරලිය කණ්ඩායමට ලකුණු 77 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූ අතර කෝල්ට්ස් කණ්ඩායමේ උදිත් මධුෂාන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිවත්, නුගේගොඩ කණ්ඩායමේ අනුක් ප්‍රනාන්දු පානදුර කණ්ඩායමට එරෙහිවත් කඩුලු 4 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගම් සහ බී.ආර්.සී. අතර තරගය
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 190
(නවෝද් පරණවිතාන 41, සිනෙත් ජයවර්ධන 27, ශාරුජන් ශන්මුගනාදන් 24, විහස් තෙව්මික 32, සචිත ජයතිලක නොදැවී 41, මොවින් සුබසිංහ 37/2)
කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 233
(මිනෙත් ප්‍රේමරත්න 20, රොන් චන්ද්‍රගුප්ත 42, ජනිත් ලියනගේ 56, රවිඳු ප්‍රනාන්දු 28, ළහිරු මධුෂංක 39, උදිත් මධුෂාන් 43/4, මුදිත ලක්ෂාන් 18/2, අකිල ධනංජය 52/2)
කෝල්ට්ස් පළමු ඉනිම - කිසිවකු නොදැවී 04
කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් සහ පොලිස් අතර තරගය
පොලිස් පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 345
(ධනුජ ඉඳුවර 18, ප්‍රියමාල් පෙරේරා 69, අෂේන් බණ්ඩාර 121, විෂාද් රන්දික 41, චතුරංග කුමාර 46, හිමාෂ රාමනායක නොදැවී 24, ඉරුෂ්ක තිමිර 118/3, නිම්සර අතරගල්ල 57/2, මෙලන් හංසක 109/2)
කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී
පානදුර සහ නුගේගොඩ අතර තරගය
පානදුර පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 114
(දුෂාන් විමුක්ති නොදැවී 40, සසිඳු මල්ෂාන් 22, අනුක් ප්‍රනාන්දු 40/4, ලොහාන් ද සොයිසා 17/3, අබ්දුල් හකීම් 39/2)
කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. සහ මුවර්ස් අතර තරගය
එන්.සී.සී. පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 274
(කමිල් මිෂාර 38, අහන් වික්‍රමසිංහ 97, කවින් බණ්ඩාර නොදැවී 67, චාමික කරුණාරත්න 46, රමේෂ් මෙන්ඩිස් 100/3, ප්‍රවීන් ජයවික්‍රම 50/2)
කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
බදුරලිය සහ කුරුණෑගල යොවුන් අතර තරගය
බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 211
(රොෂාන් විජේනායක 50, රුමේෂ් බුද්ධික 76, විනුර දුල්සර 37, චාමික එදිරිසිංහ 77/5, ගයාන් වීරසිංහ 08/3, දිනුෂ්ක මාලන් 50/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.