Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic අන්තර් සමාජ තරගාවලිය සැප්තැම්බරයේදී

අන්තර් සමාජ තරගාවලිය සැප්තැම්බරයේදී

editorial - 2021 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස මුලදී ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා සමාජ වෙත දැනුම්දී ඇත.

2021/2022 ප්‍රධානතම අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කිරීම පිළිබඳව විවිධ කණ්ඩායම් සමගින් සාකච්ඡා කර ඇති නමුත් පවතින කොරෝනා වයිරසයේ බලපෑම මත ඕනෑම ක්‍රීඩාවක් ආරම්භ කිරීම සඳහා රජයේ බලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය වේ.

තරග වාරය ආරම්භ කිරීමට අනුමැතිය ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෞඛ්‍ය බලධාරීන්ට ලිපියක් යවා ඇති අතර අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ද ඉල්ලා තිබේ. ඊට ඔවුන්ගේ ප්‍රතිචාරය ලැබෙන තෙක් බලාසිටීමට සිදුවනු ඇත.

අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසු, පළමු පෙළ (තුන්දින) ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කිරීමට නියමිත අතර සීමිත ඕවර (ඕවර 50) තරඟාවලිය ඊට සමගාමීව පැවැත්වේ. ඉන් පසුව 2022 ජනවාරි මාසයේදී ජාතික ක්‍රිකට් ලීගය (අන්තර් පළාත් තරඟාවලිය) ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බව තරගාවලි කමිටුවේ ප්‍රධානී සමන්ත දොඩන්වල මහතා පවසයි.

කාලය සීමා සහිතවීම හේතුවෙන් අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මෙවර නොපැවැත්වෙනු ඇත.

 


අදහස් (0)

අන්තර් සමාජ තරගාවලිය සැප්තැම්බරයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.