Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic 23 න් පහළ තරගාවලිය ඇරඹෙයි

23 න් පහළ තරගාවලිය ඇරඹෙයි

editorial - 2025 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර් ක්‍රීඩා සමාජ (වයස 23 න් පහළ) දෙදින ක්‍රිකට් තරගාවලිය අද (05 වැනිදා) ආරම්භ විය. මෙම තරගාවලියට, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අන්තර් සමාජ තරගාවලියේදී ‘ඒ’ තලයෙන් සහ ‘බී’ තලයෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් 26 ක් ඉදිරිපත්ව සිටිති. 

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 26 ම (ශ්‍රී ලංකාවේ දැනට තිබෙන ප්‍රධානතම ක්‍රීඩා සමාජ) එකට තරග වදින්නේ මෙම තරගාවලිය ආරාධිත තරගාවලියක් වන බැවිනි. 23 න් පහළ තරගාවලිය දශක තුන හතරක පමණ කාලයේ සිටම ආරාධිත තරගාවලියක් ලෙසින් සැලකේ. 

කණ්ඩායම් 26 ක් ක්‍රීඩා කරන නමුත් මෙම තරගාවලිය ඉතාම ඉහළ තරගකාරීත්වයකින් යුත් තරගාවලියකි. 

වයස 19 න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකළේ නම්, 19 වැනි විය සම්පූර්ණ වීමත් සමගින් පාසල් ක්‍රිකට් පිටියෙන් ඉවතට යන ක්‍රීඩකයන් සියලු දෙනාටම පාහේ අන්තර් සමාජ තරගාවලියේ ‘ඒ’ තලයේ හෝ ‘බී’ තලයේ ක්‍රීඩා කරන කණ්ඩායමක ස්ථනයක් සොයා ගැනීම අපහසුය. මක්නිසාද යත් එම කණ්ඩායම් වල සිටින්නේ වඩාත් ස්ථාවර සහ පළපුරුදු ක්‍රීඩකයන් වන බැවිනි. එහෙත් වයස් සම්පූර්ණ වීම නිසා පාසල් පිටියෙන් ඉවත්ව යන බොහෝ ක්‍රීඩකයන්ට 23 න් පහළ තරගාවලියේදී අවස්ථාව ලබාගත හැකිය. 

මෙම තරගාවලියේදී ක්‍රීඩකයන් දක්වනු ලබන දස්කම් අනුව ‘ඒ’ තලයේ ක්‍රීඩා සමාජ විසින් ඔවුන්ව රඳවාගැනීම හෝ නිදහස් කිරීම සිදුවනු ඇත. 

කණ්ඩායම් 26 ක් සහභාගි වන බැවින් තරගාවලිය කාණ්ඩ 4 කින් යුතුව පැවැත්වෙයි. සෑම කාණ්ඩයකම පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. 

අද (5 වැනිදා) ආරම්භ වන තරගාවලියේ මූලික වටය සැප්තැම්බර් 9 වැනිදා අවසන් වීමට නියමිතය. අර්ධ අවසන් පූර්ව වටයේ තරග සැප්තැම්බර් මස 13 සහ 14 දිනවලදීත්, අවසන් පූර්ව තරග සැප්තැම්බර් මස 18-19 දිනලදීත් පැවැත්වේ. 

අවසන් මහ තරගය සැප්තැම්බර් මස 23 හා 24 දිනවලදී පැවැත්වේ. 


අදහස් (0)

23 න් පහළ තරගාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.