Last Update  :  2025-05-22 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic වැස්ස නිසා ප්‍රධානතම තරගාවලිය කල්යයි
විස්සයි-20 ක්‍රිකට්

වැස්ස නිසා ප්‍රධානතම තරගාවලිය කල්යයි

editorial - 2025 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේදී සඳුදාට (19 වැනිදා) නියමිතව පැවැති තරග 6 න් තරග 5 ක්ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. මෙම තත්ත්වය සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් පැවැත්වෙමින් තිබෙන  අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලිය කල්දැමීමට තීරණය කර තිබේ. 

සඳුදා අතහැර දැමුණු තරග පහම එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය. අනෙක් තරගය කෝල්ට්ස් පිටියේදී පැවැති අතර එම තරගයද ඕවර 17 කට පසුව ඇතිවූ වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. 

කෝල්ට්ස් පිටියේදී පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් පානදුර කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර වර්ෂාව ඇද වැටීමට පෙර ඒස් කැපිටල් ක්‍රීඩකයෝ ඕවර 17 කදී ලකුණු 127 කට කඩුලු 7 ක් අහිමිකරගෙන සිටියහ. එහෙත් වර්ෂාවෙන් පසුව තරගය යළි ආරම්භ කළ නොහැකි විය. පසුව තීරණයක් ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුව සඳුදා පැවැති තරග සියල්ලම අවලංගු කරමින් තරගාවලිය කල් දැමීමට පියවර ගත්තේය. 

මේ දක්වා පවත්වා ඇත්තේ තරගාවලියේ එක තරගයක් බැගින් පමණි. ඒවායේ ප්‍රතිඵල අනුව එන්.සී.සී. සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටිති. 


අදහස් (0)

වැස්ස නිසා ප්‍රධානතම තරගාවලිය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.