Last Update  :  2026-01-26 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic මේරියන්ස් පිලේ කසුන් විදුරගෙන් ද්විත්ව ශතකයක්
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

මේරියන්ස් පිලේ කසුන් විදුරගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2026 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ ද්‍රවිඩ සිංගම් ක්‍රීඩා සමාජයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ කසුන් විදුර (නොදැවී 200) අද (25 වැනිදා) සමත් විය. 

ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ කසුන්, පන්දු 317 කට මුහුණ දෙමින් ලබාගත් එම ද්විත්ව ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 14 කින් සමන්විත විය. මේ දක්වා පළමු පෙළ තරග 101 කට ක්‍රීඩා කර ඇති කසුන්, එහිදී ලබාගත් හයවැනි ශතකය මෙන්ම ඔහුගේ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවද මෙය විය. 

ලකුණු 112 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සම්මු අෂාන් (146) සමග එක් වූ කසුන්, මේරියන්ස් ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 254 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඉන් නොනැවතුණු ඔහු තික්ෂිල ද සිල්වා (50) සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 96 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.  

සම්මු අශාන්ගේ 5 වැනි පළමු පෙළ ශතකය හතරේ පහර 10 කින් සමන්විත වූ අතර තික්ෂිලගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. ද්‍රවිඩ සංගම් කණ්ඩායම ලබාගත් ලකුණු 469 ට පිළිතුරු වශයෙන් ලකුණු රැස්කරමින් සිටි මේරියන්ස් ක්‍රීඩකයෝ, තරගය නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 505 ක් ලබා සිටියහ. 


ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 469 
(නවෝද් පරණවිතාන නොදැවී 152, මිනෝද් භානුක 62, තුලින දිල්ෂාන් 39, ශාරුජන් ශන්මුගනාදන් 48, සචිත ජයතිලක 76, ළහිරු සමරකෝන් 27, කල්හාර සේනාරත්න 142/4, තික්ෂිල ද සිල්වා 71/3, චලන ද සිල්වා 99/2) 

හලාවත මේරියන්ස් පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 505 
(තනුක දාබරේ 31, හිරාන් ජයසුන්දර 23, තරිඳු අමරසිංහ 38, සම්මු අෂාන් 146, කසුන් විදුර නොදැවී 200, තික්ෂිල ද සිල්වා 50, තරිඳු රත්නායක 183/4, කවිඳු දිල්හාර 91/2) 


අදහස් (0)

මේරියන්ස් පිලේ කසුන් විදුරගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.