Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතය තෝරා ගැනීමේ අරමුණින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි-20 ලීග තුන් කොන් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස බ්ලූස් කණ්ඩායම සහ ග්රීන්ස් කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 72 ක ජයක් වාර්තා කිරීමට ග්රීන්ස් කණ්ඩායම සමත් විය.
ජයග්රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය බ්ලූස් කණ්ඩායමට ඕවර 15 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 86 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුෂාන් හේමන්ත සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර චාමික කරුණාරත්න ලකුණු 17 කට කඩුලු 2 ක් බිඳහෙළමින් දුෂාන්ට අනගි සහාක් දුන්නේය.
පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී යෑම බ්ලූස් කණ්ඩායමට විශාල පාඩුවක් වූ අතර බ්ලූස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ධනංජය ද සිල්වා පන්දු 20 කින් ලකුණු 18 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. රවිඳු ප්රනාන්දු සහ අකිල ධනංජය ලකුණු 16 බැගින් රැස්කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ග්රීන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 158 ක් ලබාගත්තේය. නායකත්වයේ පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් පන්දු 39 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 50 ක් රැස්කළ අතර චාමික කරුණාරත්න පන්දු 30 කදී නොදැවී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
ලකුණු 57 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 82 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ කමිඳු සහ චාමික ග්රීන්ස් ඉනිමට නව ජවයක් එක් කළේය. අංක 3 ස්ථානයේ පන්දුවට පහරදුන් භානුක රාජපක්ෂ පන්දු 10 කින් ලකුණු 20 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.
ග්රීන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 158
(භානුක රාජපක්ෂ 20, සදීර සමරවික්රම 17, කමිඳු මෙන්ඩිස් 50, චාමික කරුණාරත්න නොදැවී 41, අකිල ධනංජය 25/2, ඩිල්ෂාන් මධුෂංක 32/2)
බ්ලූස් පිල - ඕවර 15 කදී සියලු දෙනා දැවී 86
(ධනංජය ද සිල්වා 18, රවිඳු ප්රනාන්දු 16, අකිල ධනංජය නොදැවී 16, දුෂාන් හේමන්ත 18/4, චාමික කරුණාරත්න 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.