Last Update  :  2025-06-11 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic කණ්ඩායම් 7 ක් පිට පිටම දෙවැනි වරටත් අර්ධ අවසන් පූර්ව වටයට
අන්තර් සමාජ සමාජ විස්සයි-20 ක්‍රිකට්

කණ්ඩායම් 7 ක් පිට පිටම දෙවැනි වරටත් අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසානයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට එන්.සී.සී., ද්‍රවිඩ සංගම්, බී.ආර්.සී., සී.සී.සී., මුවර්ස්, බ්ලූම්ෆීඩ්ල්, කෝල්ට්ස් සහ පානදුර යන ක්‍රීඩා සමාජය සමත් විය. 

එහි විශේෂත්වය වන්නේ මෙම කණ්ඩායම් 8 ක් 7 ක්ම ඉකුත් වසරේදීද (2024) අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබීමය. එවර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අතරින් මෙවරද අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වී ඇත්තේ ඒස් කැපිටල් කණ්ඩායමට පමණි. 

අවසන් මහ තරගයේදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කළ එන්.සී.සී. ක්‍රීඩා සමාජය ඉකුත් වසරේ ප්‍රධානතම අන්තර් සමාජ සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් විය. 

පානදුර ක්‍රීඩා සමාජය අන්තර් සමාජ සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වෙමින් ඔවුන් මෙවර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. 

එන්.සී.සී., මුවර්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් පිළිවෙළින් ‘ඒ’ කාණ්ඩයේ පළමු, දෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වූ අතර බී.ආර්.සී., කෝට්ස්, බ්ලූම්ෆීල්ඩ් සහ ද්‍රවිඩ සංගම් කණ්ඩායම් පිළිවෙළින් ‘බී’ කාණ්ඩයේ පළමු, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාවලට පත්වෙමින් අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන්කර ගත්තේය.

තරගාවලියේ පළමු සහ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරග අනිද්දා (11 වැනිදා) පෙරවරු 9.45 සිට කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී සහ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි සහ සිවුවැනි අවසන් පූර්ව තරග අනිද්දා පස්වරු 2.00 සිට එම ක්‍රීඩාංගණ දෙකේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

එම තරගවලදී පිළිවෙලින් එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව ද්‍රවිඩ සංගම් කණ්ඩායමද, මුවර්ස් කණ්ඩායමට එරෙහිව බ්ලූම්ෆීඩ්ල් කණ්ඩායමද, බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව සී.සී.සී. කණ්ඩායමද,  කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පානදුර කණ්ඩායමද තරග බිමට අවතීර්ණ වනු ඇත. 

තරගාවලියේ අවසන් පූර්ව තරග එළබෙන 13 වැනිදා පස්වරු 3.00 සිට සහ රාත්‍රී 7.30 සිට සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය 15 වැනිදා රාත්‍රී 7.30 ට එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. යම් හෙයකින් අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ඒ සඳහා අතිරේක දිනයක් ලෙස 16 වැනිදා  වෙන්කර තිබේ. 


අර්ධ අවසන් පූර්ව වටය 
11 වැනිදා - පෙරවරු 9.45 සිට - එන්.සී.සී සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජ අතර (පළමු තරගය) - පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී 

11 වැනිදා - පස්වරු 2.00 සිට - බී.ආර්.සී. සහ සී.සී.සී. ක්‍රීඩා සමාජ අතර (දෙවැනි තරගය) - පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී 

11 වැනිදා - පෙරවරු 9.45 සිට - මූවර්ස් සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ අතර (තෙවැනි තරගය) - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 

11 වැනිදා - පස්වරු 2.00 සිට - කොල්ට්ස් සහ පානදුර ක්‍රීඩා සමාජ අතර (සිවුවැනි තරගය) - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 


අවසන් පූර්ව වටය 
13 වැනිදා - පස්වරු 3.00 සිට - පළමු තරගය (පළමු සහ සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගවල ජයග්‍රාහකයන් අතර) - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 

13 වැනිදා - පස්වරු 7.30 සිට - දෙවැනි තරගය (දෙවැනි සහ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගවල ජයග්‍රාහකයන් අතර) - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 

අවසන් මහ තරගය 
15 වැනිදා - පස්වරු 7.30 සිට - අවසන් මහ තරගය (පළමු සහ දෙවැනි අවසන් පූර්ව තරගවල ජයග්‍රාහකයන් අතර) - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 

16 වැනිදා - අතිරේක දිනය 


අදහස් (0)

කණ්ඩායම් 7 ක් පිට පිටම දෙවැනි වරටත් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.