
(දමින්ද විජේසූරිය)
ඕෂධ ප්‍රනාන්දු (100) සහ දිනේෂ් චන්දිමාල් (73) දෙදෙනා එක්ව ගාල්ල ක්‍රීඩාංගණයේදී කළ අලංකාර පිතිහරඹය නිසා අද (20 වැනිදා) ආරම්භ වූ එන්.එස්.එල්. තරගයේදී ගාල්ල කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 267 ක් ලබාගත්තේය. ඕෂධ සහ චන්දිමාල් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 154 ක් ලබාගත් නමුත් චන්දිමාල්ගේ දැවී යාමෙන් පසුව ලකුණු 96 ක් ඇතුළත සම්පූර්ණ කණ්ඩායමම දැවී ගියේය.
අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 83 කට කඩුලු 7 ක් දවාගත්තේය.
ගාල්ල - පළමු ඉනිම 267 යි
(ඕෂධ ප්‍රනාන්දු 100, නිපුන් ධනංජය 14, දිනේෂ් චන්දිමාල් 73, සධීර සමරවික්‍රම 19, අවිශ්ක පෙරේරා 29, අසිත ප්‍රනාන්දු 37/2, අකිල ධනංජය 83/7)
දඹුල්ල - පළමු ඉනිම කිසිවකු නොදැවී 38
(නිශාන් මධුෂ්ක නොදැවී 15, ලසිත් කෲස්පුල්ලේ 11*, සහන් කෝසල නොදැවී 12)

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.