Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic හලාවත මේරියන්ස් කඩුලු 10 කින් ජයගනී
අන්තර් සමාජ ක්‍රිකට්

හලාවත මේරියන්ස් කඩුලු 10 කින් ජයගනී

editorial - 2025 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 18 ක පහසු ඉලක්කයක් හඹාගිය මේරියන්ස් ක්‍රීඩකයෝ කිසිවකු නොදැවී ඉලක්කය සපුරාගත්හ. මේරියන්ස් පළමු ඉනිමේදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ෂෙහාන් ජයසූරිය හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 130 ක් රැස්කිරීමට සමත් විය.  

පානදුර ඉනිම් දෙකම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා කිරීම සඳහා දායකත්වය ලබාදුන් දුවිඳු තිලකරත්න ලකුණු 76 කට කඩුලු 6 ක්ද, සුමින්ද ලක්ෂාන් ලකුණු 88 කට කඩුලු 6 ක්ද, දුෂාන් විමුක්ති ලකුණු 53 කට කඩුලු 4 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 


මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 303 
(ලසිත් ලක්ෂාන් 32, ෂෙහාන් ජයසූරිය 130, රවීන් යසස් 36, තික්ෂිල ද සිල්වා 32, නිමේෂ් විමුක්ති 85/5, මොහොමඩ් ඩිල්ෂාඩ් 58/2, සහන් මිහිර 61/2) 

පානදුර පළමු ඉනිම - සියලු දෙනා දැවී 146  
(ඉරෝෂ් සමරසූරිය 32, රනිත ලියනාරච්චි 26, සුමින්ද ලක්ෂාන් 32/4, දුෂාන් විමුක්ති 53/4, දුවිඳු තිලකරත්න 23/2) 

පානදුර දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 174 
(ශාලිත ප්‍රනාන්දු 47, ඉම්තියාස් සල්සා 25, දුවිඳු තිලකරත්න 53/4, හේෂාන් හෙට්ටිආරච්චි 15/3, සුමින්ද ලක්ෂාන් 56/2) 

මේරියන්ස් දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 19 


අදහස් (0)

හලාවත මේරියන්ස් කඩුලු 10 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.