Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මෙම මස 12 වැනිදා සිට 29 වැනිදා දක්වා බ්ලූම්ෆීල්ඞ්, පනාගොඩ, මග්ගොන සරේ, එන්.සී.සී., එස්.එස්.සී. සහ පී. සරවනමුත්තු යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.
‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ ලෙස කාණ්ඩ 4 යටතේ ලීග් ක්‍රමයට අනුව මෙම තරගාවලියේ මූලික වටය පැවැත්වෙන අතර මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩවල ශූරයන් සහ අනු ශූරයන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
එතැන් පටන් තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරග මෙම මස 21 වැනිදාද, අවසන් පූර්ව තරග 28 වැනිදාද පැවැත්වෙන අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ 29 වැනිදාය.
අර්ධ අවසන් පූර්ව තරග 2 ක් සහ අවසන් පූර්ව තරගයක් එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සෙසු අර්ධ අවසන් පූර්ව තරග 2, අවසන් පූර්ව තරගය සහ අවසන් මහ තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
‘ඒ’ කාණ්ඩය
සී.සී.සී., නුගේගොඩ, පොලිස්, රාගම, එන්.සී.සී.
‘බී’ කාණ්ඩය
මුවර්ස්, බදුරලිය, බී.ආර්.සී., හලාවත මේරියන්ස්
‘සී’ කාණ්ඩය
ඒස් කැපිටල්, නුගේගොඩ, ද්‍රවිඩ සංගම්, එස්.එස්.සී.
‘ඩී’ කාණ්ඩය
බ්ලූම්ෆීල්ඞ්, මහනුවර රේගු, පානදුර, කුරුණෑගල, කෝල්ට්ස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.